%E0%B6%AD%E0%B7%90%E0%B6%B4%E0%B7%90%E0%B6%BD%E0%B7%8A+%E0%B7%83%E0%B7%9A%E0%B7%80%E0%B6%9A%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B6%9C%E0%B7%90%E0%B6%A7%E0%B7%85%E0%B7%94%E0%B7%80+%E0%B7%80%E0%B7%92%E0%B7%83%E0%B6%B3%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B6%85%E0%B6%9C%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92+%E0%B7%83%E0%B6%B8%E0%B6%9C+%E0%B7%83%E0%B7%8F%E0%B6%9A%E0%B6%A0%E0%B7%8A%E0%B6%A1%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B4%E0%B7%83%E0%B7%8A%E0%B7%80%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B7%9A
Monday, 22 July 2019 - 10:09
තැපැල් සේවකයින්ගේ ගැටළුව විසඳීමට අගමැති සමග සාකච්ඡාවක් පස්වරුවේ
583

Views
අසනීප නිවාඩු වාර්තා කර මේ වනවිට සේවයෙන් ඉවත්ව සිටින තැපැල් සේවකයින්ගේ ඉල්ලීම් සම්බන්ධයෙන් සාකච්ඡාවක් අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් අද පස්වරුවේ පැවැත්වීමට නියමිතව තිබෙනවා.

තැපැල් සහ මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍ය එම්.එච්.ඒ. හලීම් කියා සිටියේ අරලියගහ මන්දිරයේදී පැවැත්වෙන මෙම සාකච්ඡාවට මුදල් අමාත්‍යවරයා ද එක්වන බවයි.

අද පස්වරුවේ පැවැත්වෙන පූර්ව අමාත්‍ය මණ්ඩල රැස්වීමේදීද තැපැල් සේවකයින්ගේ ඉල්ලීම් පිළිබඳවද සාකච්ඡා කිරීමට නියමිතව තිබෙනවා.

ඉන් අනතුරුව අදාළ සාකච්ඡාව පැවැත්වෙන බවයි තැපැල් අමාත්‍ය එම්.එච්.ඒ. හලීම් සඳහන් කළේ.

වැටුප් සහ උසස්වීම් ඇතුලූ ගැටළු කිහිපයක් මුල් කරගනිමින් තැපැල් සේවකයින් අසනීප නිවාඩු වාර්තා කර යළි එක්දින වෘත්තිය ක්‍රියාමාර්ගය ආරම්භ කරනු ලැබුවේ ඊයේ මධ්‍යම රාත්‍රියේයි.

දීපව්‍යාප්ත මෙම වර්ජනය හේතුවෙන් සියලූම තැපැල් කාර්යාලවල දෛනික  කටයුතු අද දිනයේදී අඩාල වී තිබෙනවා.

මේ වනවිට මධ්‍යම තැපැල් හුවමාරුවේ පමණක් ලිපි ලක්ෂ 5 කට ආසන්න ප්‍රමාණයක් ගොඩගැසී ඇති බව සඳහන්.

මෙම ගැටළු මුල් කර ගනිමින් පසුගිය 16 වනදා මධ්‍යම තැපැල් හුවමාරුවේ සේවකයින් දින 2 ක සංකේත වැඩවර්ජනයකද නිරතවුණා.

ඉදිරි පැය කිහිපය තුළදී තම ගැටළුවලට විසඳුම් ලබා නොදුනහොත් අඛන්ඩ වෘත්තිය ක්‍රියාමාර්ගයක් ආරම්භ කරන බවයි ලංකා තැපැල් සේවක සංගමයේ සභාපති ජගත් මහින්ද කියා සිටියේ.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
News Image
Hiru News Programme Segments
937 Views
48,217 Views
18,841 Views
25,324 Views
119 Views
97,537 Views
Top