%E0%B7%84%E0%B7%9A%E0%B6%B8%E0%B7%83%E0%B7%92%E0%B6%BB%E0%B7%92+%E0%B7%83%E0%B7%84+%E0%B6%B4%E0%B7%96%E0%B6%A2%E0%B7%92%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B4%E0%B7%85%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B6%BB%E0%B6%A7+%E0%B6%85%E0%B6%B0%E0%B7%92%E0%B6%9A%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA%E0%B6%A7+-+%E0%B6%B1%E0%B7%93%E0%B6%AD%E0%B7%92%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B6%9C%E0%B7%9A+%E0%B6%B8%E0%B7%8F%E0%B6%B0%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%B1%E0%B7%92%E0%B7%80%E0%B7%9A%E0%B6%AF%E0%B6%B1%E0%B6%BA+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1%E0%B6%AD%E0%B7%8A+%E0%B6%85%E0%B7%80%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA
Monday, 22 July 2019 - 11:02
හේමසිරි සහ පූජිත් පළමුවරට අධිකරණයට - නීතිපතිගේ මාධ්‍ය නිවේදනය ගැනත් අවධානය
947

Views
පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය වලක්වා ගැනීමට කටයුතු නොකිරීම තුලින් සාපරාධී වඟකීම පැහැර හැරීම සහ මනුෂ්‍ය ඝාතන සිදුකිරීමට අනුබල දීමේ චෝදනා සම්බන්ධයෙන් ඇප මත මුදා හැර සිටින හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දුගෙන් ප්‍රකාශ සටහන් කරගෙන අවසන් බව නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් අධිකරණය හමුවේ කියා සිටියා.

එමෙන්ම අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පූජිත් ජයසුන්දරගෙන් අවස්ථා දෙකකදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ ලබාගෙන ඇති බවත් අද දිනයේද මොහුගෙන් ප්‍රකාශ ලබා ගැනීමට නියමිත බවත් ඔහු කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න හමුවේ අද ප්‍රකාශ කළා.

අදාල පැමිණිල්ල කැදවූ අවස්ථාවේ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ පොලිස්පති පූජිත් ජයසුන්දර ද පෙනී සිටි බවයි අප අධිකරණ වාර්තාකරු කියා සිටියේ.

නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් අධිකරණයට දැනුම් දී සිටියේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් දෙදෙනෙකු ඇතුළු පිරිසකගෙන් මේ සම්බන්ධයෙන් දැනට ප්‍රකාශ සටහන් කරගෙන ඇති බවයි.

සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනූජ ප්‍රේමරත්න සහ ඩිල්ෂාන් ජයසූරිය යන නීතිඥවරු මෙම නඩුවට අදාලව නීතිපති දෙපාර්තමේන්තුව මගින් නිකුත් කර තිබෙන මාධ්‍ය නිවේදනය සම්බන්ධයෙන් කරුණු දක්වමින් කියා සිටියේ මාධ්‍ය නිවේදන නිකුත් කිරීම නව ප්‍රවණතාවයක් බවට පත්ව ඇති අතර ඒ සම්බන්ධයෙන් අධිකරණයේ අවධානය යොමු කරන ලෙස ඉල්ලීමක් කරන බවයි.

 ඊට ප්‍රතිචාර දක්වමින් රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්  දිලීප පිරීස් කියා සිටියේ සෑම රාජ්‍ය ආයතනයක්ම කටයුතු කරන්නේ ආයතන සංග්‍රහයට අනුව බවත් වර්තමානයේ තොරතුරු දැන ගැනීමේ පනතද බල ගන්වා ඇති බැවින් ඒ පිළිබඳව තොරතුරු ලබාදීමට රාජ්‍ය ආයතන බැදී සිටින බවයි.

එමෙන්ම මෙම මාධ්‍ය නිවේදනය සම්බන්ධයෙන් තමන්ට දැනුමක් නොමැති බවද ඔහුු කියා සිටියා.

මෙම කරුණ පිළිබඳව තමා පෞද්ගලිකවම නීතිපතිවරයාගේ අවධානය යොමු කරන බවද නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා අධිකරණය හමුවේ කියා සිටියා.

ඒ අනුව මෙම කරුණ නිතීපතිවරයාගේ අවධානයට යොමු කිරීමට කටයුතු කරන ලෙස නියෝජ්‍ය සොලිිසිටර් ජෙනරාල්වරයාට දැනුම් දුන් ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය මෙම නඩුවට අදාලව විමර්ශණවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් ඔක්තෝම්බර් මස 03 වනදා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියෝග කළා.

පාස්කු ඉරිදා ප්‍රහාරය වළක්වා ගැනීමට කටයුතු නොකිරිම සහ වගකීමෙන් බැහැර වී සාපරාධී මනුෂ්‍ය ඝාතන සිදුකිරීමට අනුබල දීමේ චෝදනා මත අත්අඩංගුවට ගැනුනු මොවුන් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය හමුවට ඉදිරිපත් කිරීමෙන් පසුව ඇප මත මුදාහරිනු ලැබුවේ පසුගිය 9 වනදායි.

මෙම ඇප ලබාදීමේ නියෝගයට එරෙහිව නීතිපතිවරයා කොළඹ මහාධිකරණය හමුවේ ප්‍රතිශෝධිත අයදුම්පතක්ද ගොනුකර තිබෙනවා.



Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
News Image
News Image
Hiru News Programme Segments
825 Views
47,189 Views
18,522 Views
24,880 Views
185 Views
96,638 Views
Top