දුම්රියේ ගැටීමෙන් තරුණයෙක් මරුට

Monday, 22 July 2019 - 13:03

%E0%B6%AF%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B6%9C%E0%B7%90%E0%B6%A7%E0%B7%93%E0%B6%B8%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AD%E0%B6%BB%E0%B7%94%E0%B6%AB%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7
වව්නියාව මුන්රිමුරිප්පු ප්‍රදේශයේදී දුම්රියේ ගැටීමෙන් තරුණයෙකු මියගොස් තිබෙනවා.

අද උදෑසන යාපනයේ සිට කොළඹ දක්වා ධාවනය වෙමින් තිබු සීඝ්‍රගාමී දුම්රියේ ගැටීමෙන් ඔහු මරණයට පත්වී ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

ගල්ගමුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන 25 හැවිරිදි තරුණයා දුම්රිය පැමිණෙන අවස්ථාවේ දුම්රිය මාර්ගය අසල සිටියදී හෝ දුම්රියේ පාපුවරුවේ ගමන් කිරීමේදී ඇද වැටීමෙන් මරණය සිදුවන්නට ඇති බවටයි සැක කෙරෙන්නේ.

මළ සිරුර වව්නියාව රෝහලේ තැන්පත් කර ඇති අතර වව්නියාව පොලිසිය වැඩිදුර විමර්ශණ සිදු කරනවා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories