පුලියන්කුලම ලිඳකින් මෝටාර් උණ්ඩ තොගයක් සොයාගැනේ

Tuesday, 23 July 2019 - 9:22

%E0%B6%B4%E0%B7%94%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%9A%E0%B7%94%E0%B6%BD%E0%B6%B8+%E0%B6%BD%E0%B7%92%E0%B6%B3%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B8%E0%B7%9D%E0%B6%A7%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A+%E0%B6%8B%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9+%E0%B6%AD%E0%B7%9C%E0%B6%9C%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B7%83%E0%B7%9C%E0%B6%BA%E0%B7%8F%E0%B6%9C%E0%B7%90%E0%B6%B1%E0%B7%9A
වවුනියාව පුලියන්කුලම ප්‍රදේශයේ ලිඳක තිබී මෝටාර් උණ්ඩ ඊයේ (22) හවස පුලියන්කුලම පොලීසිය විසින් සොයාගෙන තිබෙනවා.

පොලීසිය සඳහන් කළේ ගෙවත්තක තිබු ලිඳක් පිරිසිදු කිරීමේදී මෙම උණ්ඩ සොයාගත් බවයි.

පුපුරණ සම්බන්ධයෙන් ප්‍රදේශවාසීන් සිදුකළ දැනුම් දීමක් මත වවුනියාව මහේස්ත්‍රාත් අධිකරණ නියෝග යටතේ ළිඳ තුල තිබු පුපුරණ ද්‍රව්‍ය ගොඩගෙන තිබෙනවා.

ළිඳ තුළ තිබී මිලිමීටර් 81 වර්ගයේ මෝටර් උණ්ඩ 27ක්, ටී 56 ගිනි අවි කොටස් දෙකක් සහ බිම් බෝම්බයක් සොයාගත් බවයි පොලීසිය සඳහන් කළේ.

වවුනියාව විශේෂ කාර්ය බලකාය සහ යුද හමුදාවේ නිලධාරීන් එක්ව මෙහෙයුමකින් අදාළ පුපුරණ ද්‍රව්‍ය තොගය ගොඩගෙන තිබෙනවා

ආරක්ෂක අංශ සැක පළ කරන්නේ අදාළ ප්‍රදේශය යුද සමයේ එල්. ටි. ටී. ඊ පාලන බලන යටතේ පාලනය වූ ප්‍රදේශයක් වූ අතර යුද සමයේ අවසන් භාගයේ පලාගිය එල්. ටි. ටී. ඊ සාමාජිකයන් විසින් ළිඳට දමා යන්නට ඇති බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් පුලියන්කුලම පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරනවා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories