%E0%B7%83%E0%B6%82%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B8%E0%B6%AB%E0%B7%92%E0%B6%9A%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B7%84%E0%B7%8F+%E0%B6%B4%E0%B7%92%E0%B6%A7%E0%B6%B8%E0%B6%82+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B6%87%E0%B6%B8%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B1%E0%B7%80+%E0%B6%B1%E0%B7%93%E0%B6%AD%E0%B7%92
Tuesday, 23 July 2019 - 9:41
සංක්‍රමණිකයන් වහා පිටමං කිරීමට ඇමරිකාවෙන් නව නීති
508

Views
අධිකරණය මඟ හැර නීතිවිරෝධී සංක්‍රමණිකයන් වහා පිටුවහල් කළ හැකි නව නීතියක් හඳුන්වා දීමට ඇමරිකානු ට්‍රම්ප් පරිපාලනය සූදානම් වනවා.

එය අද දින ප්‍රකාශයට පත් කෙරෙන අතර, ඉන් පසු ඇමරිකා එක්සත් ජනපදය පුරා වහා ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

නව නීතිය යටතේ ඇමරිකා එක්සත් ජනපදය තුළ වසර දෙකකට වැඩි කාලයක් සිටි බවට ඔප්පු කිරීමේ ලිඛිත සාක්ෂි නොමැති සංක්‍රමණිකයන් වහා පිටුවහල් කළ හැකියි.

කෙසේ නමුත් ඇමරිකානු සිවිල් නිදහස පිළිබද සංගමය ප්‍රකාශ කළේ එම නව සංක්‍රමණික ප්‍රතිපත්තිය අධිකරණයේදී අභියෝගයට ලක් කරන බවයි.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
News Image
News Image
Hiru News Programme Segments
825 Views
47,189 Views
18,522 Views
24,880 Views
185 Views
96,638 Views
Top