ඖෂධවලට ප්‍රතිචාර නොදක්වන මැලේරියා විශේෂයක් අග්නිදිග ආසියාවේ පැතිරේ

Tuesday, 23 July 2019 - 9:55

%E0%B6%96%E0%B7%82%E0%B6%B0%E0%B7%80%E0%B6%BD%E0%B6%A7+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AD%E0%B7%92%E0%B6%A0%E0%B7%8F%E0%B6%BB+%E0%B6%B1%E0%B7%9C%E0%B6%AF%E0%B6%9A%E0%B7%8A%E0%B7%80%E0%B6%B1+%E0%B6%B8%E0%B7%90%E0%B6%BD%E0%B7%9A%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%8F+%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%9A%E0%B7%82%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B6%9C%E0%B7%8A%E0%B6%B1%E0%B7%92%E0%B6%AF%E0%B7%92%E0%B6%9C+%E0%B6%86%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B6%B4%E0%B7%90%E0%B6%AD%E0%B7%92%E0%B6%BB%E0%B7%9A
ඖෂධවලට ප්‍රතිරෝධය දක්වන නව මැලේරියා පරපෝෂිත ප්‍රභේදයක් අග්නිදිග ආසියාකරය පුරා සීග්‍රයෙන් පැතිරෙන බව පර්යේෂකයන් පිරිසක් පෙන්වා දෙනවා.

මෙම නව මැලේරියා පරපෝෂිතයන් කාම්බෝජයේ සිට ලා ඕසය, තායිලන්තය සහ වියට්නාමය දක්වා පැතිරී ඇති අතර, එම රෝගීන්ගෙන් අඩක් පමණ ඖෂධවලට ප්‍රතිචාර නොදක්වන බව සඳහන්.

මේ පිළිබද අධ්‍යයනයක් සිදුකළ බ්‍රිතාන්‍ය සහ තායිලන්ත පර්යේෂකයන් කියා සිටින්නේ මෙම මැලේරියා විශේෂය අප්‍රිකානු මහද්වීපයට ද පැතිරීමේ අවදානමක් පවතින බවයි.

වසරකදී ලොව පුරා මැලේරියා රෝගීන් මිලියන 219ක් පමණ වාර්තා වන අතර, වසරකට මැලේරියා රෝගයෙන් මිය යන සංඛ්‍යාව හාරලක්ෂ 35,000කට අධිකයි. ඉන් බහුතරයක් වයස අවුරුදු 5ට අඩු ළමයින්.






Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories