හිරුගේ හෙළිදරව්වෙන් පසු සයින්දමරුදු ඔත්තුකරුට ලක්ෂ 50 ක තෑග්ගක්

Tuesday, 23 July 2019 - 16:24

%E0%B7%84%E0%B7%92%E0%B6%BB%E0%B7%94%E0%B6%9C%E0%B7%9A+%E0%B7%84%E0%B7%99%E0%B7%85%E0%B7%92%E0%B6%AF%E0%B6%BB%E0%B7%80%E0%B7%8A%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%83%E0%B7%94+%E0%B7%83%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%AF%E0%B7%94+%E0%B6%94%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B7%94%E0%B6%9A%E0%B6%BB%E0%B7%94%E0%B6%A7+%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A%E0%B7%82+50+%E0%B6%9A+%E0%B6%AD%E0%B7%91%E0%B6%9C%E0%B7%8A%E0%B6%9C%E0%B6%9A%E0%B7%8A
පාස්කු ඉරිදා ප්‍රහාරයට සම්බන්ධ වූ ත්‍රස්තවාදීන්ගේ භාණ්ඩ, ලොරි රථයකින් මීගමුව - කටුවාපිටියේ සිට සයින්දමරුදු ප්‍රදේශයට රැගෙන යාම සම්බන්ධයෙන් තොරතුරු ලබාදුන්  ලොරි රථයේ හිමිකරුට රුපියල් ලක්ෂ 50 ක මුදල් ත්‍යාගයක් පිරිනැමීමට වැඩබලන පොලිස්පති චන්දන වික්‍රමරත්න තීරණය කර තිබෙනවා.

තොරතුරු ලබාදීමෙන් පසු ඔහු මුහුණදී සිටින ආර්ථික අපහසුතා පිළිබඳව හිරු ප්‍රවෘත්ති අංශය පසුගියදා කරුණු අනාවරණ කළ අතර, එහිදී ඔහු කියා සිටියේ මේ වනවිට අදාළ කුලී රථ සේවා සපයන ආයතනයෙන් ඉවත්ව සිටින තමන්ට ලොරි රථයේ ලීසිං වාරිකයද ගෙවාගැනීමට නොහැකිවී ඇති බවයි.

ඒ අනුව ඔහුට ලක්ෂ 50 ක ත්‍යාග මුදල ලබාදීමට වැඩබලන පොලිස්පතිවරයා තීරණය කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර ප්‍රකාශ කළා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories