ටී.එන්.ඒ දෙමළ ජනතාව රවටන බවට වර්ධරාජා පෙරුමාල්ගෙන් චෝදනා

Tuesday, 23 July 2019 - 19:07

%E0%B6%A7%E0%B7%93.%E0%B6%91%E0%B6%B1%E0%B7%8A.%E0%B6%92+%E0%B6%AF%E0%B7%99%E0%B6%B8%E0%B7%85+%E0%B6%A2%E0%B6%B1%E0%B6%AD%E0%B7%8F%E0%B7%80+%E0%B6%BB%E0%B7%80%E0%B6%A7%E0%B6%B1+%E0%B6%B6%E0%B7%80%E0%B6%A7+%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B6%B0%E0%B6%BB%E0%B7%8F%E0%B6%A2%E0%B7%8F+%E0%B6%B4%E0%B7%99%E0%B6%BB%E0%B7%94%E0%B6%B8%E0%B7%8F%E0%B6%BD%E0%B7%8A%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%A0%E0%B7%9D%E0%B6%AF%E0%B6%B1%E0%B7%8F
දෙමළ ජාතික සන්ධානය, දෙමළ ජනතාව රවටන බවට උතුර - නැගෙනහිර පළාත් සභාවේ හිටපු ප්‍රධාන අමාත්‍ය වර්ධරාජා පෙරුමාල් පවසනවා.

ඔහු මේ බව කියා සිටියේ යාපනයේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

‘‘දෙමළ ජනතාවගේ ප්‍රශ්ණවලට විසඳුම් ලබා නොදී දෙමළ ජාතික සන්ධානය පාර්ලිමේන්තුවේ නිදාගෙන ඉන්නවා. මොකුත් නොකර දෙමළ ජනතාවගේ ඡුන්දය අරන් පාර්ලිමේන්තු ගිය දෙමළ ජාතික සන්ධානය ගම්පෙරළියෙන් කොපමණ මුදල් ලබාගන්න පුළුවන් ද කියලා හොයනවා. ඒ මුදල් අරගෙන තමන්ගේ සුඛවිහරණයට කටයුතු කරන්නයි ඔවුන් එහෙම කරන්නේ. දෙමළ ජනතාවගේ අයිතිවාසිකම් සම්බන්ධයෙන් හෝ යටිතල පහසුකම් ගැන ඔවුන් කිසිම ක්‍රියාමාර්ගයක් මේ අවුරුදු හතර හමාරටම අරගෙන නැහැ. දේශපාලන සිරකරුවන් වෙනුවෙන් උද්ඝෝෂණ කරද්දි ඔවුන් ගිහින් කියනවා අපි තමයි රජය, මාස දෙකෙන් ඔවුන් නිදහස් කරලා දෙන්න පුළුවන් කියලා. දැන් ඒවත් අමතක කරලයි ඔවුන් කටයුතු කරන්නේ. සිංහල නායකයින් දෙමළ ජනතාව රවටන එක පැත්තකින් තියමු. ඒත් දෙමළ ජනතාවගේ ඡුන්දයෙන් පාර්ලිමේන්තුවට තේරී පත් වූ මන්ත්‍රීවරුන්ට තමන්ට මොනවහරි දෙයක් කරයි කියල ජනතාව බලාපොරොත්තු වෙනවා. එහෙම හිතපු නායකයින් තමයි අද ජනතාව රවට්ටලා තියෙන්නේ. දෙමළ ජාතිය ගැන ලොකුවට කතා කරලා ජනතාව උසිගන්නවලා තමන්ගේ පසුම්බිය තර කර ගන්න තමයි දෙමළ ජාතික සන්ධානය කටයුතු කරන්නේ. දෙමළ ජාතික සන්ධානය නැතිවෙන දිනය තමයි දෙමළ ජනතාවට යහපතක් වන දිනය. ජනතාව රවටන දේශපාලකයින්ට ඡුන්දය දෙනතාක් ඔවුන්ගේ රැවටීමට තිත තියන්න කාටවත් බැහැ.   


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories