හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය දිවයිනට

Wednesday, 24 July 2019 - 7:26

%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B6%B4%E0%B7%94+%E0%B6%86%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%9A+%E0%B6%BD%E0%B7%9A%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A+%E0%B6%9C%E0%B7%9D%E0%B6%A8%E0%B7%8F%E0%B6%B7%E0%B6%BA+%E0%B6%AF%E0%B7%92%E0%B7%80%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B6%A7
වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම සදහා සිංගප්පූරුව වෙත ගොස් සිටි හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඊයේ රාත්‍රියේ දිවයිනට පැමිණියා.

රාත්‍රී 11.45ට සිංගප්පුරුවේ සිට පැමිණි සිංගප්පූරු ගුවන් සේවයේ එස්.කිව් 468 දරණ යානයෙන්  ඔහු කටුනායක වෙත පැමිණි බවයි ගුවන් තොටුපළ හිරු වාර්තාකරු සදහන් කළේ.

මැදමුලන - ඩී.ඒ.රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදිකිරීමේදී රුපියල් මිලියන 33 දශම 9ක මුදලක් සාපරාධී සාවද්‍ය පරිහරණය ඇතුළු චෝදනා කිහිපයක් යටතේ ඔහුට එරෙහිව නඩු පවරා ඇති අතර එම නඩුව අනිද්දා ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය හමුවේ යලි විභාගයට ගැනීමට නියමිතයි.

පසුගිය මස 19 වනදා මෙම නඩුව කැදවූ අවස්ථාවේදී හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අලි සබ්රි කියා සිටියේ මැයි මස 31 වනදා තම සේවාදායකයාට සිංගප්පූරු රෝහලකදී හෘද සැත්කමක් සිදුකළ බවයි.

ඒ අනුව විදෙස්ගතව ප්‍රතිකාර ලබා ගැනීමට හිටපු ආරක්ෂක ලේකම්වරයාට අධිකරණය අවසරය ලබාදුන් අතර, එම කාලය අදින් අවසන් වනවා. 





Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories