%E0%B7%84%E0%B7%9C%E0%B6%82%E0%B6%9A%E0%B7%9C%E0%B6%82+%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AD%E0%B7%9C%E0%B6%A7%E0%B7%94%E0%B6%B4%E0%B7%85%E0%B7%9A+%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9C%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B1%E0%B7%80%E0%B6%AD%E0%B7%93
Monday, 12 August 2019 - 18:03
හොංකොං ගුවන් තොටුපළේ ගුවන් ගමන් නවතී
328

Views
ආණ්ඩු විරෝධී උද්ඝෝෂණ උත්සන්න වීමත් සමඟ හොංකොං ජාත්‍යන්තර ගුවන් තොටුපළින් නික්මෙන සියළුම ගුවන් ගමන් අද අවලංගු කෙරුණා.

ලොව කාර්ය බහුලතම ගුවන් ප්‍රවාහන මධ්‍යස්ථානයක් වන හොංකොං ගුවන් තොටුපළේ මෙහෙයුම්වලට විරෝධතාවලින් විශාල බාධා එල්ල වී ඇති බවයි ගුවන් තොටුපළ බලධාරීන් ප්‍රකාශ කළේ.

මේ අනුව හොංකොං වේලාවෙන් අද පස්වරු 6න් පසු නික්මීමට නියමිතව තිබූ ගුවන් ගමන් 160ක් අවලංගු කර තිබෙනවා.

හොංකොං හි චීන පාලනයට එරෙහි විරෝධතාවලට ගුවන් තොටුපළ සහ ගුවන් සේවා කාර්ය මණ්ඩල ද එක්ව සිටි අතර, පොලීසිය ඔවුන් විසුරුවීමට කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කළා.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
News Image
News Image
Hiru News Programme Segments
704 Views
47,089 Views
18,497 Views
24,857 Views
172 Views
96,544 Views
Top