%E0%B6%91%E0%B6%B6%E0%B7%9D%E0%B6%BD%E0%B7%8F+%E0%B7%80%E0%B7%9B%E0%B6%BB%E0%B7%83%E0%B6%BA%E0%B6%A7+%E0%B6%91%E0%B6%BB%E0%B7%99%E0%B7%84%E0%B7%92+%E0%B6%B1%E0%B7%80+%E0%B6%96%E0%B7%82%E0%B6%B0+%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B6%A7+90%E0%B6%9A%E0%B7%8A+%E0%B7%83%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%AE%E0%B6%9A%E0%B6%BA%E0%B7%92
Tuesday, 13 August 2019 - 10:04
එබෝලා වෛරසයට එරෙහි නව ඖෂධ සියයට 90ක් සාර්ථකයි
834

Views
අප්‍රිකානු මහද්වීපය කේන්ද්‍ර කොටගෙන පැතිරී යන මාරාන්තික එබෝලා වෛරස් රෝගයට ප්‍රතිකාර ලෙස නිෂ්පාදනය කළ නව ඖෂධ දෙකක් කැපී පෙනෙන සාර්ථකත්වයක් පෙන්නුම් කරන බව වෛද්‍ය විශේෂඥයන් පෙන්වා දෙනවා.

ලෝක සෞඛ්‍ය සංවිධානය මගින් මෙම ඖෂධ අත්හදා බැලීම සිදුකර ඇත්තේ පසුගිය වසරේ එම රෝගයෙන් පුද්ගලයන් 1800 දෙනෙකු මිය ගිය කොංගෝ ජනරජයේදියි.

බෝ වන රෝග පිළිබඳ ඇමරිකානු ජාතික ආයතනය මගින් අනුමත කළ එම ඖෂධ සියයට 90ක සාර්ථකත්වයක් පෙන්නුම් කිරීම එබෝලා රෝගයට එරෙහි සටනේ වැදගත් ඉදිරි පියවරක් බව විද්‍යාඥයන් පෙන්වා දෙනවා.

2014 වසරේ සිට වසර 3ක් පමණ අප්‍රිකාවේ ගිනියා, ලයිබීරියා සහ සියෙරා - ලියොන් රාජ්‍යයන් හි පැතිරුණු එබෝලා වෛරස් රෝගයෙන් මිය ගිය සංඛ්‍යාව 11,310ක්.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
News Image
News Image
Hiru News Programme Segments
704 Views
47,089 Views
18,497 Views
24,857 Views
172 Views
96,544 Views
Top