%E0%B7%83%E0%B6%AD%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B6%A7+%E0%B6%91%E0%B6%9A%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%B1%E0%B6%9A%E0%B7%8A+%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B6%BD%E0%B7%96+%E0%B6%B4%E0%B7%8F%E0%B7%83%E0%B6%BD%E0%B7%8A%E0%B7%80%E0%B6%BD+%E0%B7%83%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%92%E0%B7%80%E0%B7%9A%E0%B6%AF%E0%B6%B1+%E0%B6%9A%E0%B6%A7%E0%B6%BA%E0%B7%94%E0%B6%AD%E0%B7%94+%E0%B6%89%E0%B6%82%E0%B6%9C%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93%E0%B7%83%E0%B7%92+%E0%B6%B7%E0%B7%8F%E0%B7%82%E0%B7%8F%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A
Tuesday, 13 August 2019 - 17:02
සතියකට එක්දිනක් සියලූ පාසල්වල සන්නිවේදන කටයුතු ඉංග්‍රීසි භාෂාවෙන්
2,052

Views
පාසල් සිසුන්ගේ සන්නිවේදන කටයුතු ඉංග්‍රීසි භාෂාවෙන් සිදුකිරීම අරමුණු කරගනිමින් සතියකට එක් දිනයක් සියලූ පාසල්වල ඉංග්‍රීසි සන්නිවේදන දිනයක් ලෙස පැවැත්වීමට යෝජනා කර තිබෙනවා.

ජාතික අධ්‍යාපන ආයතනය මගින් ලබාදී ඇති විෂය මාලාව වඩාත් ඵලදායීව භාවිත කරමින් ඉංග්‍රීසි භාෂාවට අදාළ ඉගෙනුම් සැළසුම් සකස් කර පන්ති කාමරයේ ඉගැන්වීම් ක්‍රියාවලියේ නිරතවන ගුරුවරුන් සඳහා චක්‍රලේඛයක් සහ උපදෙස් සංග්‍රහයක්ද මේ වනවිට නිකුත් කර ඇති බවයි අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කළේ.

ඊට අමතරව විභාග දෙපාර්තමේන්තුව, ජාතික අධ්‍යාපන ආයතනය සහ අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව සමඟ එක්ව වඩාත් ඵලදායී විෂයමාළා, පෙළපොත් සහ විභාග ක්‍රමවේදය සකස් කිරීමටද අධ්‍යාපන අමාත්‍යාංශය යෝජනා කර තිබෙනවා.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
News Image
News Image
Hiru News Programme Segments
704 Views
47,089 Views
18,497 Views
24,857 Views
172 Views
96,544 Views
Top