%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%85%E0%B6%B4%E0%B7%9A%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%9A+%E0%B6%9C%E0%B7%9D%E0%B6%A8%E0%B7%8F%E0%B6%B7%E0%B6%BA+%E0%B6%A2%E0%B6%BA+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%B8%E0%B7%84%E0%B7%8F+%E0%B6%B6%E0%B7%9D+%E0%B7%83%E0%B6%B8%E0%B7%92%E0%B6%B3%E0%B7%94+%E0%B7%80%E0%B7%90%E0%B6%B3+%E0%B6%B4%E0%B7%94%E0%B6%AF%E0%B7%8F%E0%B6%9C%E0%B6%B1%E0%B7%93
Tuesday, 13 August 2019 - 20:03
ජනපති අපේක්ෂක ගෝඨාභය ජය ශ්‍රී මහා බෝ සමිඳු වැඳ පුදාගනී
302

Views
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂයේ ජනාධිපති ධුර අපේක්ෂක හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ අද උදෑසන ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඳ පුදාගෙන ආශිර්වාදය ලබාගත්තා.

ඊට පෙර අටමස්ථානාධිපති උතුරු, මධ්‍යම දෙදිසාවේ ප්‍රධාන සංඝනායක අතිපූජ්‍ය පල්ලේගම සිරිනිවාස නාහිමියන් ද බැහැදැක ඔහු ආශිර්වාද ලබාගෙන තිබෙනවා.

අනතුරුව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ජයශ්‍රී මහා බෝධින් වහන්සේ වැඳපුදාගත් අතර, එම අවස්ථාවට විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ ද එක්වුණා.

එහිදී ආශිර්වාද පූජාවක් සහ සෙත් පිරිත් සජ්ජායනයක් සිදුකළ අතර, එම අවස්ථාවට ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් ඇතුලු විශාල පිරිසක් එක්ව සිටි බවයි හිරු වාර්තාකරු සඳහන් කළේ.

එම අවස්ථාවට එක්වූ ශ්‍රී ජයන්තිපුර විහාරයේ විහාරාධිපති පූජ්‍ය නුගේතැන්නේ පඤ්ඤානන්ද හිමියන් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂට අනුශාසනා සිදුකළා.

අනතුරුව මිරිසවැටිය විහාරස්ථානයට ගිය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ විහාරාධිපති පූජ්‍ය ඊතලවැටුණුවැවේ ඤාණතිලක හිමියන් බැහැදැක ආශිර්වාද ලබාගත්තා.

පසුව අභයගිරිය රජමහා විහාරස්ථානයට පැමිණි ඔහු විහාරාධිපති පූජ්‍ය කල්ලංචියේ රතනසිරි හිමියන් බැහැදැක ආශිර්වාද ලබාගත් අතර, ඉන් අනතුරුව ඓතිහාසික ජේතවනාරාම පුදබිමටද පැමිණියා.

එහිදී ඔහු ජේතවනාරාමාධිපති පූජ්‍ය ඉහළ හල්මිල්ලෑවේ රතනපාල හිමියන් බැහැදුටුවා. පසුව පෙරවරු 10.30ට පමණ ශ්‍රී සම්බුද්ධ ජයන්ති විහාරයට පැමිණි පොදුජන පෙරමුණේ ජනපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ, විහාරාධිපති පූජ්‍ය නුගේතැන්නේ පඤ්ඤාලෝක හිමියන් බැහැදුටුවා.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
News Image
News Image
Hiru News Programme Segments
704 Views
47,089 Views
18,497 Views
24,857 Views
172 Views
96,544 Views
Top