%E0%B7%84%E0%B6%AF%E0%B7%92%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B7%9A%E0%B6%B8+%E0%B6%91%E0%B6%9A%E0%B7%8A%E0%B7%83%E0%B6%AD%E0%B7%8A+%E0%B6%A2%E0%B7%8F%E0%B6%AD%E0%B7%92%E0%B6%9A+%E0%B6%B4%E0%B7%99%E0%B6%BB%E0%B6%B8%E0%B7%94%E0%B6%AB%E0%B7%9A+%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B6%BB%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B6%9C%E0%B7%84+%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%BB%E0%B6%BA%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B6%BB%E0%B7%90%E0%B7%83%E0%B7%8A%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92+-+%E0%B7%83%E0%B6%A2%E0%B7%92%E0%B6%AD%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B6%B4%E0%B7%83%E0%B7%94%E0%B6%B4%E0%B7%99%E0%B7%85+%E0%B7%83%E0%B7%8F%E0%B6%9A%E0%B6%A0%E0%B7%8A%E0%B6%A1%E0%B7%8F%E0%B7%80+%E0%B6%9A%E0%B6%BD%E0%B7%8A+%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
Tuesday, 13 August 2019 - 20:08
හදිසියේම එක්සත් ජාතික පෙරමුණේ නායකයන් අරලියගහ මන්දිරයේදී රැස්වෙයි - සජිත්ගේ පසුපෙළ සාකච්ඡාව කල් යයි
7,264

Views
එක්සත් ජාතික පෙරමුණේ පක්ෂ නායකයින් සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අතර සාකච්ඡාවක් අරලියගහ මන්දිරයේදී දැන් පැවැත්වෙනවා.

ඉදිරි ජනාධිපතිවරණය සම්බන්ධයෙන් සහ ඊට ඉදිරිපත් කරන අපේක්ෂකයා සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡාවන බවයි දේශපාලන ආරංචි මාර්ග ප්‍රකාශ කළේ.

මේ අතර එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක අමාත්‍ය සජිත් ප්‍රේමදාස සහ එම පක්ෂයේ පසුපෙළ මන්ත්‍රීවරුන් අතර අද පැවැත්වීමට නියමිතව තිබූ විශේෂ සාකච්ඡාව කල් දමා තිබෙනවා.

ලබන සඳුදා දින එම සාකච්ඡාව පැවැත්වීමටයි තීරණය කර ඇති බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉඳුනිල් අමරසේන කියා සිටියේ.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
News Image
News Image
Hiru News Programme Segments
704 Views
47,089 Views
18,497 Views
24,857 Views
172 Views
96,544 Views
Top