%E0%B6%B7%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA+%E0%B6%94%E0%B6%B4%E0%B7%8A%E0%B6%B4%E0%B7%94+%E0%B6%9A%E0%B7%85+%E0%B6%A7%E0%B7%92%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%92+%E0%B6%B1%E0%B7%94%E0%B7%80%E0%B6%BB+%E0%B6%B4%E0%B7%99%E0%B6%BB%E0%B7%84%E0%B6%BB%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%89%E0%B7%80%E0%B6%AD%E0%B6%A7
Tuesday, 13 August 2019 - 20:13
භාරය ඔප්පු කළ ටිකිරි නුවර පෙරහරෙන් ඉවතට
13,034

Views
ටිකිරි නමැති වයෝවෘධ ඇතින්න, මහනුවර ඇසළ පෙරහරේ කටයුතුවලින් ඉවත් කිරීමට දළදා මාළිගාවේ විෂ්ණු දේවාලයේ බස්නායක නිලමේ මහේන්ද්‍ර රත්වත්තේ තීරණය කර තිබෙනවා.

හීලෑ අලි ඇතුන් අයිතිකරුවන්ගේ සංගමයේ ලේකම් දම්සිරි බණ්ඩාර කරුණාරත්න කියා සිටියේ මෙම ඇතින්න සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ වාර්තාවූ කරුණු සළකා මෙම තීරණය ගත් බවයි.

70 හැවිරිදි වැහැරුණු සිරුරක් සහිත මෙම ඇතින්නගේ ඡායාරූපයක් තායිලන්ත සත්ව ක්‍රියාකාරිනියක් විසින් සමාජ මාධ්‍ය වෙත මුදාහැර තිබූ අතර, ඊට සටහනක් යොදමින් ඇය කියා සිටියේ දැඩි ශබ්දය, ගිනි කෙළි සහ දුමාරය හමුවේ ටිකිරිට කිලෝමීටර් ගණනාවක් පාද චාරිකාවේ නිරත වීම දුෂ්කර බවයි.

අලංකාර වස්ත්‍රාභරණවලින් සැරසූ පසු ඇගේ නෙත්වලින් ගලන කඳුළු කිසිවෙකුටත් නොපෙනෙනු ඇති බවයි ඇය කියා සිටියේ.

මේ සම්බන්ධයෙන් හිරු දහවල් ප්‍රවෘත්ති ප්‍රකාශය මගින්ද වැඩිදුර කරුණු හෙළිදරව් කළ අතර, මෙම ඇතින්නගේ හිමිකරු වන ඉසංක අමල් තිලකරත්න කියා සිටියේ රෝගී තත්ත්වයකින් පීඩා විඳි ඇය වෙනුවෙන් වූ භාරයක් ඔප්පු කිරීම සඳහා මෙවර දළදා පෙරහරට එක් කළ බවයි.

කෙසේ නමුත් ටිකිරි ඇතින්න අද සහ හෙට දිනයේදී වීථි සංචාරය කෙරෙන පෙරහරට එක් නොකිරීමට තීරණය කළ බව හීලෑ අලි ඇතුන් අයිතිකරුවන්ගේ සංගමයේ ලේකම් දම්සිරි බණ්ඩාර කරුණාරත්න තවදුරටත් සඳහන් කළා.




Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
News Image
News Image
Hiru News Programme Segments
704 Views
47,089 Views
18,497 Views
24,857 Views
172 Views
96,544 Views
Top