%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%BA%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B7%84%E0%B7%9D+%E0%B7%83%E0%B6%A2%E0%B7%92%E0%B6%AD%E0%B7%8A+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%85%E0%B6%B4%E0%B7%9A%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%9A%E0%B6%BA%E0%B7%8F+%E0%B6%9A%E0%B6%BB%E0%B6%B1%E0%B7%80%E0%B7%8F+-+%E0%B6%AF%E0%B7%92%E0%B6%BD%E0%B7%92%E0%B6%B4%E0%B7%8A+%E0%B7%80%E0%B7%99%E0%B6%AF%E0%B6%86%E0%B6%BB%E0%B6%A0%E0%B7%8A%E0%B6%A0%E0%B7%92
Tuesday, 13 August 2019 - 20:25
වෙනත් පක්ෂයකින් හෝ සජිත් ජනපති අපේක්ෂකයා කරනවා - දිලිප් වෙදආරච්චි
484

Views
එක්සත් ජාතික පක්ෂය ජනාධිපති අපේක්ෂකයා ලෙස අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාට ඉදිරිපත්වීමට අවස්ථාව ලබා නොදෙන්නේ නම් වෙනත් පක්ෂයකින් හෝ සජිත් ප්‍රේමදාස මහතාව ඉදිරිපත් කරන බව රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා පවසනවා.

මේ අතර අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා සහ එක්සත් ජාතික පක්ෂයේ පසුපෙළ මන්ත්‍රීවරුන් අතර අද දින සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතව තිබුණද එය ලබන සදුදා දක්වා කල් දමා තිබෙනවා.

එක්සත් ජාතික පක්ෂයේ නියෝජය නායක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා සහ එම පක්සයේ පසුපෙළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අතර විශේෂ හමුවක් අද දින කොළඹ පෞද්ගලික හෝටලයකදී පැවැත්වීමට නියමිතව තිබුණා.

කෙසේ වෙතත් එම සාකච්ඡාව නොපැවැත්වෙන බවට නියෝජ්‍ය අමාත්‍ය නලීන් බණ්ඩාර මහතා සඳහන් කළේ මුදල් අමාත්‍යාංශයේ පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍යයට අදහස් දක්වමින්.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
News Image
News Image
Hiru News Programme Segments
704 Views
47,089 Views
18,497 Views
24,857 Views
172 Views
96,544 Views
Top