%E0%B6%BD%E0%B6%82%E0%B6%9C%E0%B6%B8%E0%B6%BA+%E0%B7%80%E0%B6%BD%E0%B6%B4%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%A7+%E0%B6%BA%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B7%84%E0%B6%AF%E0%B6%B1+%E0%B7%83%E0%B6%A7%E0%B6%9A%E0%B6%B4%E0%B6%A7%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+CIA+%E0%B6%85%E0%B6%B1%E0%B7%8F%E0%B7%80%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA
Tuesday, 13 August 2019 - 20:41
ලංගමය වලපල්ලට යවන්න හදන සටකපටයන් ගැන CIA අනාවරණය
647

Views
ශ්‍රී ලංකාවට නිදහස ලැබීමෙන් පසු පොදු ගමන් සේවාවල වැඩි කාර්යභාරයක් සිදු කරන ලද්දේ ලංකා ගමනා ගමන මණ්ඩලය හෙවත් ලං.ග.ම යි.

එහෙත් නිදහසින් පසු තට්ටු මාරු ක්‍රමයට මෙරට පාලනය කළ දේශපාලන පක්ෂ හා ලංගමයේ ඇතැම් නිලධාරීන් එම සාර්ථක පොදු ගමනාගමන සේවය වලපල්ලට යැවීමට කටයුතු කළ බව නොරහසක්.

අද CIA අනාවරණය ද ලංගමය තව තවත් අගාධයට ඇද දැමීම සදහා නිලධාරීන්ගේ සටකපට ක්‍රියාදාමයක් පිළිබදවයි.

දිවයින පුරා ඇති ඩිපෝවලට අයත් ලංගම බස් රථවල සිදුවන කාර්මික දෝෂ, නවීකරණ, පින්තාරු කටයුතු ආදී සේවාවන් කුරුණෑගල ප්‍රාදේශීය වැඩපළ තුළ සිදුකෙරෙනවා.

මෙතෙක් කලක් ලංගම බස් රථවල එන්ජින් බෝර් කිරීම, හෙඩ් ෆේස් කිරීම, පට්ටල් කටයුතු සිදුකරන ලැබුවේ මීට වසර 40 කට පමණ පෙර මෙරටට ගෙන්වන ලද යන්ත්‍ර සුත්‍ර හරහායි.

ජර්මනිය, එංගලන්තය ආදී රටවලින් ආනයනය කරන ලද ඉතා උසස් තත්ත්වයෙන් යුතු මේවා අදටත් කිසිදු දෝෂයකින් තොරව ක්‍රියාත්මක වනවා.

එහෙත් හිරු සී.අයි.ඒ.අනාවරණය කර ගත්තේ ඉතා උසස් තත්ත්වයේ ක්‍රියාත්මක මට්ටමේ පවතින මේ යන්ත්‍ර මෙසේම පවතිද්දී කොමිස් කුට්ටි හරහා තම මඩිය තර කර ගැනීමේ අරමුණින් නිලධාරීන් කිහිපදෙනෙකු චීනයෙන් තත්ත්වයෙන් බාල යන්ත්‍ර සුත්‍ර මෙම ප්‍රාදේශීය වැඩපලට ඇනවුම් කර ඇති බවයි.

එම යන්ත්‍ර සුත්‍ර ස්ථානගත කිරීම සදහා නව යන්ත්‍රාගාරය නමින් ස්ථානයක් ද අධික මුදලක් වැය කරමින් සකස් කර තිබෙන්නේ මෙලෙසයි.

එහෙත් විමතිය දනවන කරුණ වන්නේ නිලධාරීන් කොමිස් කුට්ටි ගිල දමා චීනයෙන් ආනයනය කර ඇති එම යන්ත්‍ර සුත්‍ර භාවිතයට ගැනීමටත් ප්‍රථම අක්‍රීය මට්ටමේ පැවතීමයි.

හිරු සී.අයි.ඒ.කළ ගවේෂණයේදී හෙළිවුයේදී මේ වනවිට ලහි ලහියේ මෙම බාල තත්ත්වයේ ආනයනික යන්ත්‍ර ක්‍රියාත්මක තත්ත්වයට ගැනීමට දිවා රෑ නොබලා අළුත්වැඩියා කටයුතු සිදුකරන බවයි.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
News Image
News Image
Hiru News Programme Segments
704 Views
47,089 Views
18,497 Views
24,857 Views
172 Views
96,544 Views
Top