%E0%B6%86%E0%B6%B1%E0%B6%B8%E0%B7%8F%E0%B6%BD%E0%B7%94+%E0%B6%BB%E0%B6%82%E0%B6%9C+%E0%B6%9D%E0%B7%8F%E0%B6%AD%E0%B6%B1%E0%B6%BA%E0%B6%A7%2C+%E0%B6%9A%E0%B7%94%E0%B6%A9%E0%B7%94+%E0%B6%BB%E0%B7%9C%E0%B7%82%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B7%83%E0%B7%84%E0%B7%9D%E0%B6%AF%E0%B6%BB%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%87%E0%B6%AD%E0%B7%94%E0%B7%85%E0%B7%94+3%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%BA%E0%B7%92
Friday, 16 August 2019 - 7:42
ආනමාලු රංග ඝාතනයට, කුඩු රොෂාන්ගේ සහෝදරයෙකු ඇතුළු 3ක් අල්ලයි
1,221

Views
පාතාල සාමාජික සම්පත් නිරෝෂන් හෙවත් ආනමාලු රංග සහ මොහොමඩ් ඉම්රාන් නැමැත්තා මාදම්පිටිය පොදු සුසාන භූමියේදී ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් කුඩු රොෂාන්ගේ සහෝදරයෙකු ඇතුළු සැකකරුවන් 3 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, පොලිස් විශේෂ කාර්ය බලකාය ඊයේ රාත්‍රියේ සිදුකළ වැටලීමකදියි.

මෙහිදී වානේ කඩු දෙකක්, රබර් මිට සහිත මොට ආයුධයක්, යතුරුපැදියක් සහ ජංගම දුරකථනයක් ද සිය භාරයට ගෙන ඇති බවයි පොලිස් විශේෂ කාර්ය බලකාය සඳහන් කළේ.

ආනමාලු රංග සහ මොහොමඩ් ඉම්රාන් ඝාතනය කිරීම සඳහා පුද්ගලයින් පැමිණි බවට සැක කරනු ලබන ත්‍රීරෝද රථයක් මාදම්පිටිය පොදු සුසාන භූමිය තුළ තිබී සොයාගෙන ඇති අතර, විමර්ශනයේදී අනාවරණ වී තිබුණේ එය කුඩු රොෂාන්ගේ බිරිඳ වන 30 හැවිරිදි ඩබ්ලිව්.ඒ. නිරෝෂනී හෙවත් අරුණි බබාට අයත් එකක් බවයි.

මට්ටක්කුලිය ප්‍රදේශයේ පදිංචිකාරිනියක වන ඇය දැනට බන්ධනාගාරගතව සිටින අතර, ඒ අනුව පොලිස් විශේෂ කාර්ය බලකාය මට්ටක්කුලිය ප්‍රදේශයේ ඇයගේ නිවස පරීක්ෂා කර තිබෙනවා.

එහිදී කඩු දෙකක් සොයාගෙන ඇති අතර, තවදුරටත් නිවස අවට සිදුකළ පරීක්ෂා කිරීමේදී ඝාතන සිද්ධියට අදාළව සැකකරුවන් තුන් දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිස් විශේෂ කාර්ය බලකාය සඳහන් කළේ.

මට්ටක්කුලිය ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 18ක් සහ 19ක් වූ සැකකරුවන් දෙදෙනෙකු සහ කැළණිය ප්‍රදේශයේ පදිංචි 34 හැවිරිදි අජා නැමති පාතාල සාමාජිකයායි මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ.

ඝාතනයට ලක්වූ පාතාල සාමාජික ආනමාලු රංග සහ මොහොමඞ් ඉම්රාන් මාදම්පිටිය පොදු සුසාන භූමියේ අවමංගල්‍ය උත්සවයකට සහභාගිවීම සඳහා පැමිණ සිටියදී ත්‍රිරෝද රථයකින් පැමිණි පිරිසක් ඊයේ මෙම ඝාතනය සිදුකර පළා ගොස් තිබුණා.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
News Image
News Image
Hiru News Programme Segments
21 Views
47,426 Views
18,579 Views
24,972 Views
257 Views
96,866 Views
Top