%E0%B6%B1%E0%B7%92%E0%B6%AF%E0%B7%84%E0%B7%83%E0%B7%8A+%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82+%E0%B7%83%E0%B6%B8%E0%B7%8A%E0%B6%B8%E0%B7%9A%E0%B6%BD%E0%B6%B1%E0%B6%BA%E0%B6%A7%2C+%E0%B7%80%E0%B7%92%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82+%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A%E0%B6%A7%E0%B6%AD%E0%B7%8A+%E0%B6%87%E0%B6%BB%E0%B6%BA%E0%B7%94%E0%B6%B8%E0%B7%8A
Friday, 16 August 2019 - 12:54
නිදහස් පක්ෂ සම්මේලනයට, විපක්ෂ නායකටත් ඇරයුම්
2,302

Views
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සම්මේලනය පවත්වන්නේ ජනාධිපතිවරණ අපේක්ෂකයා නම් කිරීමට නොවන බව එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපතිවරයෙකු වන, පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් සිරිපාල ද සිල්වා පවසනවා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සම්මේලනයේ සංවිධාන කටයුතු පිළිබඳ ඩාර්ලි පාරේ පිහිටි පක්ෂ මූලස්ථානයේදී ඊයේ පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා මේ බව කියා සිටියා.

එම සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු මහලේකම්, මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස කියා සිටියේ පක්ෂ සම්මේලනයට විපක්ෂ නායක මහින්ද රාජපක්ෂට ද ආරාධනා කරන බවයි.

එම සාකච්ඡාවෙන් පසු මාධ්‍ය වෙත අදහස් දැක්වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර කියා සිටියේ ජනාධිපති අපේක්ෂකයෙකු නම් කිරිමේ වුවමනාව පක්ෂයට ද පවතින බවයි.

මේ අතර, ඉදිරියේදී පැවැත්වෙන ජනාධිපතිවරණයේ අපේක්ෂකත්වයට ඉදිරිපත් කෙරෙන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයෙකු බව එම පක්ෂය නියෝජනය කරන බස්නාහිර පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය ප්‍රකාශ කළා.

මාරවිල ඊයේ පැවති ජන හමුවකට එක්වෙමිනුයි ඔහු මේ බව කියා සිටියේ.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
News Image
News Image
Hiru News Programme Segments
825 Views
47,189 Views
18,522 Views
24,880 Views
185 Views
96,638 Views
Top