%E0%B6%9C%E0%B7%9D%E0%B6%A8%E0%B7%8F%E0%B6%B7%E0%B6%BA+%E0%B6%AD%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B7%83%E0%B6%B8%E0%B7%84%E0%B7%8F%E0%B6%BB%E0%B7%8F%E0%B6%B8+%E0%B6%B4%E0%B7%94%E0%B6%AF+%E0%B6%B6%E0%B7%92%E0%B6%B8%E0%B6%A7
Friday, 16 August 2019 - 13:01
ගෝඨාභය තිස්සමහාරාම පුද බිමට
1,184

Views
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ අද පෙරවරුවේ තිස්සමහාරාම රජමහා විහාරස්ථානයට පැමිණියා.

එහිදී ඔහු, පළමුවෙන් චෛත්‍ය රාජයාණන් වහන්සේ වැඳ පුඳා ගත් අතර, පසුව තිස්සමහාරාම රජමහා විහාරාධිපති පූජ්‍ය දේවාලේගම ධම්මසේන හිමියන් බැහැදැක ආශිර්වාද ලබාගත් බවයි එහි සිටින අප වාර්තාකරු සඳහන් කළේ.

අද උදෑසන කතරගම අභිනවාරාම විහාරස්ථානයේ සිට තිස්සමහාරාමය බලා පැමිණීමේදී රන්මිණිතැන්න ප්‍රදේශයේදී ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂට උණුසුම් පිළිගැනීමක් හිමිවුණා.

ඊයේ දිනයේදී කතරගම පුදබිමට පැමිණි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ කිරිවෙහෙර චෛත්‍ය රාජයාණන් වැඳපුඳා ගත්තා.

පසුව කිරිවෙහෙර විහාරාධිපති පූජ්‍ය කොබවක ධම්මින්ද හිමියන් බැහැදැක ආශීර්වාද ලබාගැනීමෙන් පසු පහන් 84,000 ක විශේෂ ආශීර්වාද පූජාවකටද එක්වුණා.

මේ අතර, පිවිතුරු හෙළ උරුමය අද පෙරවරුවේ කොළඹදී මාධ්‍ය හමුවක් කැඳවමින් සඳහන් කළේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති අපේක්ෂක ධූරයට තරඟ කරන්නේ සියළු සුදුසුකම් සපුරා ඇති හෙයින් බවයි.

කිසියම් අයෙකුට ඒ පිළිබඳව සැකයක් පවතින්නේ නම් නීතිමය ක්‍රියාමාර්ග ගත හැකි බවයි පිවිතුරු හෙළ උරුමයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල එහිදී කියා සිටියේ.



Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
News Image
News Image
Hiru News Programme Segments
825 Views
47,189 Views
18,522 Views
24,880 Views
185 Views
96,638 Views
Top