%E0%B6%A7%E0%B7%92%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%92+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B7%80%E0%B6%B1%E0%B6%A2%E0%B7%92%E0%B7%80%E0%B7%92+%E0%B6%AF%E0%B7%99%E0%B6%B4%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%AD%E0%B6%B8%E0%B7%9A%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B4%E0%B6%BB%E0%B7%93%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%AB+%E0%B6%85%E0%B6%BB%E0%B6%B9%E0%B6%BA%E0%B7%92
Friday, 16 August 2019 - 15:15
ටිකිරි ගැන වනජිවි දෙපාර්තමේන්තුවත් පරීක්ෂණ අරඹයි
1,012

Views
මතභේදයට තුඩු දී ඇති අවුරුදු 70 ක් වයසැති ටිකිරි නමැති වයෝවෘධ ඇතින්න මහනුවර දළදා පෙරහරට යොදා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් ආරම්භ කරන ලෙස වනජිවි අමාත්‍ය ජෝන් අමරතුංග අදාළ අංශ වෙත නියෝග කර තිබෙනවා.

එම ඇතින්න සම්බන්ධයෙන් ප්‍රකාශයට පත් වූ ඡායාරූපවලට අනුව, ඇගේ සිරුරේ තත්ත්වය ඉතා අයහපත් බවයි එම අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ.

එසේම, මෙම ඇතින්න ඊයේ දිනයේදී ඇද වැටී ඇති බවට තොරතුරු වාර්තා වී ඇති බැවින් ඇතින්ගේ තත්ත්වය පරීක්ෂා කර බලා වහා ප්‍රතිකාර කරන ලෙස ද, අමාත්‍යවරයා වනජිවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ පශු වෛද්‍යවරුන්ට උපදෙස් ලබාදී තිබෙනවා.

70 හැවිරිදි ටිකිරි නමැති වයෝවෘධ ඇතින්න මහනුවර දළදා පෙරහරට යොදා ගැනීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය තුල දැඩි කතා බහක් ඇතිවුණා.

ලෝක හස්තීන්ගේ දිනයේදී මෙම ඇතින්නියගේ වැහැරුණු සිරුර සහිත ඡායාරූපයක් සමාජ මාධ්‍ය තුලට එක්කර තිබුණේ සෙන්ඩුයීන් චායිලට් නැමති තායිලන්ත සත්ව අවිහිංසාවාදී ක්‍රියාකාරිණියක් විසින්.

මෙම ඇතින්න දළදා පෙරහරට එක්කර ගැනීම සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශය දළදා මාලිඟාවේ අලි පන්තිය භාර ප්‍රදීප් මියනපලාවගෙන් ද පසුගියදා විමසීමක් කළ අතර ඔහු කියා සිටියේ මෙම ඇතින්න වසර 55ක කාලයක් දළදා පෙරහරේ ගමන් කර ඇති බවයි.

වයෝවෘධ ඇතින්නක් පෙරහරට යොදවා ගැනීම සම්බන්ධයෙන් සත්ව ක්‍රියාකාරී සංවිධාන නගන චෝදනාව පිළිබඳව මෙම ඇතින්න භාර ඉසංක අමල් තිලකරත්නගෙන් ද පසුගියදා අප විමසීමක් කළා.

ඔහු සඳහන් කළේ මීට වසර 7කට පෙර ඔහුගේ භාරයට ගෙන ඇති ඇතින්න මාස 6ක කාලයක් ආහාර ජීර්ණ පද්ධතියේ ඇති වූ රෝගී තත්ත්වයකින් පීඩා විඳ ඇති බවයි.

එම කාලයේ ඇතින්න වෙනුවෙන් වූ භාරයක් ඔප්පු කිරීම සඳහා මෙවර දළදා පෙරහරට එක්කළ බව ද ඔහු සඳහන් කළා.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
News Image
News Image
Hiru News Programme Segments
21 Views
47,426 Views
18,579 Views
24,972 Views
257 Views
96,866 Views
Top