කුමන බාධා ඇතිවුවත් නොසැලෙන බව ඇමති සජිත් කියයි

Friday, 16 August 2019 - 20:03

%E0%B6%9A%E0%B7%94%E0%B6%B8%E0%B6%B1+%E0%B6%B6%E0%B7%8F%E0%B6%B0%E0%B7%8F+%E0%B6%87%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B7%94%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B1%E0%B7%9C%E0%B7%83%E0%B7%90%E0%B6%BD%E0%B7%99%E0%B6%B1+%E0%B6%B6%E0%B7%80+%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92+%E0%B7%83%E0%B6%A2%E0%B7%92%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
ජනාධිපතිවරණ අපේක්ෂකයා සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු කණ්ඩායම සහ කෘත්‍යාධිකාරී මණ්ඩලය එකවර රැස් කරන්නැයි ඉල්ලා සකස් කළ ලිපිය පක්ෂ නායක, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ වෙත අද පස්වරුවේ භාර දීමට නියමිතයි.

අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර ඇතුළු පිරිසක් විසින් අරලියගහ මන්දිරයේදී එම ලිපිය භාර දෙනු ඇති බවයි නියෝජ්‍ය අමාත්‍ය නලින් බණ්ඩාර හිරු ප්‍රවෘත්ති අංශයට සදහන් කළේ.

මේ අතර, එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් කියා සිටියේ ජනාධිපතිවරණ අපේක්ෂකයා තෝරා පත් කර ගැනීමට හදිසියක් නොමැති බවයි.

අද හෝමාගම ප්‍රදේශයේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.  

කෙසේ වෙතත්, කිරිඳිවැල - මාලිගාවත්ත ප්‍රදේශයේ විහාරස්ථානයක පැවති උත්සවයකදී එම පක්ෂයේ නියෝජ්‍ය නායක අමාත්‍ය සජිත් ප්‍රේමදාස කියා සිටියේ කුමන බාධා ඇතිවුවත්, තමන් නොසැලෙන බවයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories