ට්‍රම්ප්ගෙන් ඉම්රාන් ඛාන්ට ඇමතුමක්

Saturday, 17 August 2019 - 7:48

%E0%B6%A7%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B8%E0%B7%8A%E0%B6%B4%E0%B7%8A%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%89%E0%B6%B8%E0%B7%8A%E0%B6%BB%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9B%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%94%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A
කාශ්මීර අර්බුදය සම්බන්ධයෙන් ඉන්දියාව සමඟ සංවාදයකට එළඹෙන ලෙස ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, පාකිස්තාන අගමැති ඉම්රාන් ඛාන් වෙතින් ඉල්ලීමක් කර තිබෙනවා.

ඒ, ධවල මන්දිරයේ සිට ඊයේ දුරකථන ඇමතුමක් ලබාදෙමින්.

එහිදී පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් ප්‍රකාශ කර ඇත්තේ කාශ්මීරය සම්බන්ධයෙන් ඉන්දීය රජයේ ක්‍රියාමාර්ග කලාපීය සාමයට තර්ජනයක් බවයි.

මෝදි රජය විසින් කාශ්මීරයේ ප්‍රාන්ත තත්ත්වය අහිමි කොට මධ්‍යම රජයේ ඍජු පාලනය යටතට ගැනීමෙන් පසු ඇති වී තිබෙන්නේ අර්බුදකාරී තත්ත්වයක්. ශ්‍රී නගර් ඇතුළු ඉන්දු - කාශ්මීරයේ ප්‍රදේශ රැසක විරෝධතා රැළි පැවති අතර, ඉන්දීය ආරක්ෂක අංශ වෙත ගල් මුල් වලින් පහරදීමේ සිද්ධීන් ද වාර්තා වුණා.

මෝදි රජය ප්‍රකාශ කළේ විසන්ධි කෙරුණු දුරකථන සබදතා ස්ථාපිත කර ඇති අතර, තත්ත්වය සාමාන්‍ය අතට ගෙන ඒමට කටයුතු කරන බවයි.

එහෙත් හිටපු මහඇමතිවරුන් ඇතුළු සිය ගණනක් තවමත් රදවාගෙන සිටින අතර, ඔවුන්ට මාධ්‍ය වෙත අදහස් දැක්වීම තහනම් කර තිබෙනවා.

ඉන්දු - කාශ්මීර ගැටළුව සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ විශේෂ සාකච්ඡාවක් ද ඊයේ පැවැත්වුණා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories