කාති උසාවියේ වැරදි හෙළි කළ කාන්තාවට පොලිසියෙන් කැඳවීමක්

Saturday, 17 August 2019 - 20:45

%E0%B6%9A%E0%B7%8F%E0%B6%AD%E0%B7%92+%E0%B6%8B%E0%B7%83%E0%B7%8F%E0%B7%80%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B7%80%E0%B7%90%E0%B6%BB%E0%B6%AF%E0%B7%92+%E0%B7%84%E0%B7%99%E0%B7%85%E0%B7%92+%E0%B6%9A%E0%B7%85+%E0%B6%9A%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%92%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B7%90%E0%B6%B3%E0%B7%80%E0%B7%93%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A
මුස්ලිම් ජන සමාජයේ පවතින කාති උසාවියේ වැරදි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් හෙළිදරව් කළ වැලිමඩ ප්‍රදේශයේ පදිංචි අබ්දුල් ජබාර් ෆසීනා නම් කාන්තාව අද බදුල්ල පොලිසිය වෙත කැඳවා තිබුණා.

ඒ, ඇය කළ හෙළිදරව්වෙන් පසු එම උසාවියේ කාතිවරයා විසින් ඇයට විරුද්ධව සිදුකර ඇති පැමිණිල්ලකට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහායි.

මේ වන විට සිය පියාගේ රැකවරණය යටතේ සිටින ෆසීනා වයස අවුරුදු 10දී මුස්ලිම් පුරුෂයෙකු සමග විවාහවී ඇති අතර ස්වාමි පුරුෂාගේ අනියම් සබඳතාවක් හේතුවෙන් ඇතිවු ගැටලුවක් මත ඇය විසින් බදුල්ලේ පිහිටි කාති උසාවියක් වෙත පැමිණිලි කර තිබුණා.

එහිදි ඇයට සිදුවු අසාධාරණය සම්බන්ධයෙන් මිට පෙර හිරු ප්‍රවෘත්ති තුලින් හෙළිදරව් කළා.

එම හෙළිදරව්වේන් පසු කාති උසාවියේ කාතිවරයා විසින් ඇයට විරුද්ධව පොලිසියට පැමිණිලි කර ඇති අතර ඒ සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීමට ඇය අද බදුල්ල පොලිසියට පැමිණියා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories