%E0%B6%B6%E0%B6%82%E0%B6%9C%E0%B7%8A%E0%B6%BD%E0%B7%8F%E0%B6%AF%E0%B7%9A%E0%B7%81%E0%B6%BA%E0%B7%9A+%E0%B6%A9%E0%B6%9A%E0%B7%8F+%E0%B6%85%E0%B6%9C%E0%B6%B1%E0%B7%94%E0%B7%80%E0%B6%BB+%E0%B6%9C%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B1%E0%B7%92%E0%B7%80%E0%B7%8F%E0%B7%83+15%2C000+%E0%B6%9A%E0%B7%8A+%E0%B7%80%E0%B7%92%E0%B6%B1%E0%B7%8F%E0%B7%81%E0%B6%BA%E0%B7%92
Sunday, 18 August 2019 - 8:17
බංග්ලාදේශයේ ඩකා අගනුවර ගින්නකින් නිවාස 15,000 ක් විනාශයි
236

Views
බංග්ලාදේශයේ ඩකා අගනුවර පැල්පත් ජනාවාස පෙළක ඊයේ ඇතිවූ මහ ගින්නකින් නිවහන් 15,000 ක් පමණ විනාශයට පත්වී තිබෙනවා.

ඩකා නුවර චලන්ටිකා පැල්පත් ජනාවාසයේ ඇතිවූ එම ගින්නෙන් පුද්ගලයන් 50,000 කට වැඩි පිරිසක් අවතැන්වී තිබෙනවා.

ඒවායේ වාසය කළ බහුතරයක් අඩු ආදායම්ලාභී කම්කරු ජනතාවයි. ඔවුන් බොහෝ දෙනෙක් ඉද් ආගමික උත්සවය සඳහා නිවහන්වලින් නික්මී සිටි බව සඳහන්.

ගින්නට හේතුව මෙතෙක් අනාවරණ වී නොමැති අතර, ඒ පිළිබඳව පරීක්ෂණයක් ආරම්භ වී තිබෙනවා.

කෙසේ නමුත් මෙම ගින්න හේතුවෙන් ජීවිත හානි වාර්තාවන්නේ නැහැ.

පසුගිය පෙබරවාරියේ ඩකා නුවර ඇතිවූ ගින්නකින් පුද්ගලයන් 80 දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
News Image
Hiru News Programme Segments
1,612 Views
52,400 Views
20,243 Views
27,105 Views
230 Views
101,658 Views
Top