%E0%B6%85%E0%B6%BD%E0%B7%92+%E0%B7%83%E0%B6%82%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%AB%E0%B6%BA%E0%B6%A7+%E0%B6%B1%E0%B7%80+%E0%B6%B1%E0%B7%93%E0%B6%AD%E0%B7%92
Sunday, 18 August 2019 - 13:32
අලි සංරක්ෂණයට නව නීති
389

Views
ඇත් දළ වෙළඳාම මෙන්ම අනෙකුත් දුර්ලභ සත්ව සහ ශාක සංරක්ෂණය සඳහා වන නීති දැඩි කිරීමේ අරමුණින් සයිට්ස් හෙවත් වඳවී යන ජෛව විශේෂ වෙලඳාම පිළිබඳ ජාත්‍යන්තර සම්මුතියේ සමුළුවක් ජිනීවා නුවරදී ඊයේ ආරම්භ වුණා.

රටවල් 180 ක නියෝජිතයන් එහිදී දින 12 ක් තිස්සේ දුර්ලභ සත්ව සහ ශාඛ සංරක්ෂණයට අදාළ කරුණු ඇගයීමකට ලක් කරනු ඇති.

මෙම සම්මුතියේ මහ ලේකම්වරිය වන ඉවෝන් හිගුඒරෝ ප්‍රකාශ කළේ ස්වභාවික පරිසරයේ හානිය අද කිසිදා නොවූ විරූ අන්දමින් ඉහළ ගොස් ඇති බවයි.

සයිට්ස් සම්මුතිය මීට දශක හතරකට පෙර ඇතිකරගනු ලැබුවේ සත්ව සහ ශාඛ විශේෂ 35,000කට අධික සංඛ්‍යාවක සංරක්ෂණය අරමුණු කරගනිමින්.

මෙවර සමුළුවේදී අලි ඇතුන් රයිනෝ, ජිරාෆ්, මෝරුන්, කටුසු වර්ග ඇතුලූ සත්ව සහ ශාක විශේෂ සංරක්ෂණයට අදාළ නව යෝජනා 56 ක් සළකා බැලීමට නියමිතයි.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
News Image
Hiru News Programme Segments
1,612 Views
52,400 Views
20,243 Views
27,105 Views
230 Views
101,658 Views
Top