එජාපයේ මන්ත්‍රීවරුන් 55 දෙනෙකුගේ ඉල්ලීම අගමැතිට - අරලියගහ මැදුරේ අදත් හමුවක්

Monday, 19 August 2019 - 18:58

%E0%B6%91%E0%B6%A2%E0%B7%8F%E0%B6%B4%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93%E0%B7%80%E0%B6%BB%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+55+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94%E0%B6%9C%E0%B7%9A+%E0%B6%89%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%93%E0%B6%B8+%E0%B6%85%E0%B6%9C%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92%E0%B6%A7+-+%E0%B6%85%E0%B6%BB%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B6%9C%E0%B7%84+%E0%B6%B8%E0%B7%90%E0%B6%AF%E0%B7%94%E0%B6%BB%E0%B7%9A+%E0%B6%85%E0%B6%AF%E0%B6%AD%E0%B7%8A+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B6%9A%E0%B7%8A
ජනාධිපතිවරණ අපේක්ෂකයා සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු කණ්ඩායම සහ කෘත්‍යාධිකාරී මණ්ඩලය එකවර රැස් කරන්නැයි ඉල්ලා සකස් කරන  ලද ලිපිය පක්ෂ නායක, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ වෙත අද භාර දී තිබෙනවා.

ඒ,  පක්ෂ සභාපති අමාත්‍ය කබීර් හෂීම් සහ අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර විසින් අරලියගහ මන්දිරයේදීයි.

එම ලිපිය සඳහා එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් 55 දෙනෙකු අත්සන් තබා ඇති බව සඳහන්.

මේ අතර, එක්සත් ජාතික පක්ෂයේ විශේෂ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමක් ද අද පස්වරුවේ අරලියගහ මන්දිරයේදී පැවැත්වුණා.

කෙසේ වෙතත්, එහිදී අපේක්ෂකයා සම්බන්ධයෙන් කිසිවක් සාකච්ඡා වී නොමැති බවටයි වාර්තා වන්නේ.

ජනාධිපති අපේක්ෂකත්වය සහ නව සන්ධානය පිළිබඳ එක්සත් ජාතික පක්ෂය තුළ උද්ගතව ඇති අර්බුදය විසඳාගැනීමට පසුගිය සතිය තුළද සාකච්ඡා වට කිහිපයක් පැවැත්වුණා.

එක්සත් ජාතික පෙරමුණේ නායකයන් පසුගිය සෙනසුරාදා සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්නගේ නිවසට රැස්වුණේ නව සන්ධානය පිළිබඳ අවසන් තීන්දුවක් ගැනීමටයි.

කෙසේ වෙතත්  එහිදී ද සන්ධානය ගොඩනගන නිශ්චිත දින වකවානු පිළිබඳව අවසන් තීරණයක් ගෙන තිබුණේ නැහැ.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories