ණය ගෙවා ගත නොහැකිව ශ්‍රී ලාංකික පවුලක්, ඩුබායි හි අතරමං

Tuesday, 20 August 2019 - 7:53

%E0%B6%AB%E0%B6%BA+%E0%B6%9C%E0%B7%99%E0%B7%80%E0%B7%8F+%E0%B6%9C%E0%B6%AD+%E0%B6%B1%E0%B7%9C%E0%B7%84%E0%B7%90%E0%B6%9A%E0%B7%92%E0%B7%80+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B7%8F%E0%B6%82%E0%B6%9A%E0%B7%92%E0%B6%9A+%E0%B6%B4%E0%B7%80%E0%B7%94%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A%2C+%E0%B6%A9%E0%B7%94%E0%B6%B6%E0%B7%8F%E0%B6%BA%E0%B7%92+%E0%B7%84%E0%B7%92+%E0%B6%85%E0%B6%AD%E0%B6%BB%E0%B6%B8%E0%B6%82
ශ්‍රී ලංකා මුදලින් රුපියල් කෝටියකට ආසන්න ණය මුදලක් ගෙවා ගත නොහැකිව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි නගරයේ ශ්‍රී ලාංකික පවුලක් රැදී සිටින බව එරට මාධ්‍ය වාර්තා කළා.

කාලයක් තිස්සේ ඩුබායි නගරයේ ව්‍යාපාර කටයුතුවල නිරතව සිටියදී එරට බැංකුවලින් ලබා ගත් කෝටියකට ආසන්න ණය මුදල ගෙවා ගත නොහැකි වීමෙනුයි එම පවුල එරට රැදී සිටින්නේ.

මේ හේතුවෙන් ඔවුන්ට මෙරටට පැමිණීමට ද අවසර හිමි නොවනු ඇති බවට එරට මාධ්‍ය වාර්තා සඳහන් කළා.

මාස 10ක පමණ කාලයක් පුරා ඩුබායි නගරයේ සිර වී සිටින මෙම ශ්‍රී ලාංකික පවුලට සංචාරක තහනමක් ද පනවා තිබෙනවා.

එමෙන්ම, ඔවුන්ගේ වීසා බලපත්‍රවල වලංගු කාලය ද මේ වන විට අවසන් වී ඇති බවයි ගල්ෆ් නිව්ස් පුවත්පත වාර්තා කළේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories