උතුරු ඉන්දියාවේ ජල ගැල්මෙන් මිය ගිය සංඛ්‍යාව 58 දක්වා ඉහළට

Tuesday, 20 August 2019 - 10:15

%E0%B6%8B%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B6%A2%E0%B6%BD+%E0%B6%9C%E0%B7%90%E0%B6%BD%E0%B7%8A%E0%B6%B8%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B8%E0%B7%92%E0%B6%BA+%E0%B6%9C%E0%B7%92%E0%B6%BA+%E0%B7%83%E0%B6%82%E0%B6%9B%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B7%80+58+%E0%B6%AF%E0%B6%9A%E0%B7%8A%E0%B7%80%E0%B7%8F+%E0%B6%89%E0%B7%84%E0%B7%85%E0%B6%A7
උතුරු ඉන්දියාවේ පන්ජාබ්, හිමාචල් ප්‍රදේශ් සහ උත්තරාඛාන්ද් ප්‍රාන්තවල දැන් පවත්නා ජල ගැල්ම සහ නාය යාම් හේතුවෙන් පසුගිය දින දෙක තුළ මිය ගිය සංඛ්‍යාව 58 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ජල ගැල්ම නිසා දහස් සංඛ්‍යාත පිරිසක් අවතැන් වී ඇති අතර, සංචාරකයන් විශාල පිරිසක් ද අතරමං වී සිටින බව සඳහන්. ගංඟා රැසක් පිටාර ගලා ඇති අතර, යමුණා නදියේ ජල මට්ටම අනතුරු දායක සීමාව වූ මීටර් 205.3 ඉක්මවා මේ වන විට මීටර් 205.94 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

දිල්ලි අගනුවර ද පහත් බිම්වලින් දස දහසකට වැඩි පිරිසක් ඉවත් කරගෙන ඇති අතර, ජම්මු සහ කර්නල් ප්‍රදේශවලින් ජනයා ඉවත් කර ගැනීම සඳහා ඉන්දීය ගුවන් හමුදාව හෙලිකොප්ටර් යානා යොදා ගත් බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories