ගිණුම් කාරක සභාවේ සභාපතිවරයාගෙන් ඉල්ලීමක්

Wednesday, 21 August 2019 - 19:19

%E0%B6%9C%E0%B7%92%E0%B6%AB%E0%B7%94%E0%B6%B8%E0%B7%8A+%E0%B6%9A%E0%B7%8F%E0%B6%BB%E0%B6%9A+%E0%B7%83%E0%B6%B7%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B7%83%E0%B6%B7%E0%B7%8F%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B7%8F%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%89%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%93%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A
පාර්ලිමේන්තුවේ කාරක සභාවලට රජයේ නිලධාරීන් කැඳවූ පමණින් ඔවුන් වැරදිකරුවන් ලෙස හැඳින්වීමෙන් වළකින ලෙසට රාජ්‍ය ගිණුම් කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ලසන්ත අලගියවන්න ඉල්ලීමක් කළා.

ඔහු මේ බව සඳහන් කළේ රාජ්‍ය ගිණුම් කාරක සභාවේ කටයුතු අද සිට මාධ්‍යයට විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින්.

ආරම්භයෙන් වසර 96 කට පසුවයි මෙම කටයුතු මාධ්‍ය වෙත විවෘත වුණේ. එම අවස්ථාවට කථානායක කරූ ජයසූරිය ඇතුලූ එම කාරක සභාවේ සෙසු නිලධාරීන්ද එක්ව සිටියා.

අද දිනයේ රාජ්‍ය ගිණුම් කාරක සභාවේදී රජයේ මුද්‍රණ නීතිගත දෙපාර්තමේන්තුවේ කළමනාකරණ කාර්යක්ෂමතාව සහ මූල්‍ය විනය සොයාබැලීම මෙන්ම 2015 - 2016 වසරවල ගිණුම් කටයුතු පරීක්ෂා කිරීම සිදු කෙරුණා.  

මේ අතර පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුවද අද පස්වරුවේ පාර්ලිමේන්තුවේදී රැස්වූ අතර, ලංකා සතොස ආයතනයේ ප්‍රධානීන් කරුණු දැක්වීම සඳහා එහි පෙනී සිටියා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories