%E0%B7%80%E0%B7%92%E0%B6%B1%E0%B7%8F%E0%B6%A9%E0%B7%92+9%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B7%9C%E0%B6%A7%E0%B7%94%E0%B7%80%E0%B6%A7+%E0%B6%91%E0%B6%B1+%E0%B6%B6%E0%B7%9D%E0%B6%A7%E0%B7%8A%E0%B6%A7%E0%B7%94+%E0%B7%83%E0%B7%9A%E0%B7%80%E0%B6%BA+%E0%B6%87%E0%B6%BB%E0%B6%B9%E0%B7%9A
Thursday, 22 August 2019 - 12:38
විනාඩි 9න් කොටුවට එන බෝට්ටු සේවය ඇරඹේ
3,833

Views
කොළඹ නගරයේ මාර්ග තදබදයට විසඳුමක් ලෙස යූනියන් පෙදෙසේ සිට කොළඹ කොටුව දක්වා ක්‍රියාත්මක බේරේ වැව මගී ප්‍රවාහන යාත්‍රා සේවය අද පෙරවරුවේ ආරම්භ කෙරුණා.

ඒ අග්‍රාමාත්‍ය  රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන්.

මෙම මගී ප්‍රවාහන යාත්‍රා සේවයෙන් මිනිත්තු 9 කට අඩු කාලයකදී අදාළ ගමනාන්තයට ළඟාවිය හැකි අතර, ප්‍රවර්ධන කටයුත්තක් ලෙස මෙම සේවය මුල් මාසය තුළදී මගී ජනතාවට නොමිලේ ලබාගැනීමට අවස්ථාව සැළසෙනවා.

මෙහි ප්‍රවාහන කටයුතු ශ්‍රී ලංකා නාවික හමුදාව එක්ව සිදුකරන බවයි මහා නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය සඳහන් කළේ.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
News Image
Hiru News Programme Segments
1,612 Views
52,400 Views
20,243 Views
27,105 Views
230 Views
101,658 Views
Top