ජාතීන් අතර විශ්වාසය අවශ්‍යයයි - විපක්ෂ නායක

Friday, 23 August 2019 - 20:11

%E0%B6%A2%E0%B7%8F%E0%B6%AD%E0%B7%93%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B6%AD%E0%B6%BB+%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%8A%E0%B7%80%E0%B7%8F%E0%B7%83%E0%B6%BA+%E0%B6%85%E0%B7%80%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%BA%E0%B6%BA%E0%B7%92+-+%E0%B7%80%E0%B7%92%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82+%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A
ජාතීන් අතර, විශ්වාසය බිදී ගියහොත් රටක් ලෙස ඉදිරියට යා නොහැකි බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ ප්‍රකාශ කළා.

ඒ ආගමික නිදහස සහ විශ්වාසය පිළිබඳ එක්සත් ජාතීන්ගේ සම්බන්ධීකාරක අහමඩ් ෂහීඩ් අද පාර්ලිමේන්තුවේ පිහිටි විපක්ෂ නායක කාර්යාලයේදී හමුවූ අවස්ථාවේදීයි.

මෙහිදී අදහස් දැක්වූ එක්සත් ජාතීන්ගේ සම්බන්ධීකාරකවරයා කියා සිටියේ ශ්‍රී ලංකාව තුළ ආගම් සහ ජාතීන් අතර ඉතා යහපත් සංහිඳියාවක් පවතින බවයි.

එමෙන්ම, ආසියාවේ වෙනත් රටවල් සමග සැසදීමේදී ශ්‍රී ලංකාව තුළ ආගම් ඇදහීමට සෑම ජාතියකටම නිදහසක් පවතින බව ද ඔහු සදහන් කර තිබෙනවා.

එමෙන්ම, තමා පසුගියදා උතුරු නැගෙනහිර ප්‍රදේශයේ සංචාරයක නිරත වූ බවත්, එම ප්‍රදේශවල යටිතල පහසුකම් සංවර්ධනය කිරීමට මහින්ද රාජපක්ෂගේ රජය විශාල දායකත්වයක් දැක්වූ බව ජනතාව ප්‍රකාශ කළ බව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළා.

මේ අතර, කෙන්යාවේ වෙළද හා වානිජ අමාත්‍ය ‘‘පීටර් මුන්‍යා’’ ද අද පාර්ලිමේන්තුවේ පිහිටි විපක්ෂ නායක කාර්යාලයේදී විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ හමුවුණා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories