චීනය විසින් බිලියන 75ක ඇමරිකානු නිෂ්පාදන සඳහා තීරු බදු පනවන බවට නිවේදනය කිරීමත් සමඟ ඊට ප්රතිචාර වශයෙන් චීන භාණ්ඩවලට එරෙහි බදු තවදුරටත් ඉහළ නංවන බව ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් ප්රකාශ කළා.
මේ වන විට ඩොලර් බිලියන 250ක චීන භාණ්ඩ සඳහා ට්රම්ප් පරිපාලනය සියයට 25ක බද්දක් පනවා ඇති අතර, ඩොලර් බිලියන 300ක භාණ්ඩ සඳහා සියයට 10ක බදු පනවා තිබෙනවා.
ජනපති ට්රම්ප් කියා සිටියේ එම තීරු බදු සියයට 30ක් සහ සියයට 15ක් ලෙස තවදුරටත් ඉහළ නංවන බවයි.
එමෙන්ම, චීනයේ ක්රියාත්මක ඇමරිකානු සමාගම්වලට සිය නිෂ්පාදන මව් රටට ගෙන එන ලෙස ඔහු ඉල්ලා සිටියා.
ඇමරිකානු - චීන වෙළද යුද්ධය මෙලෙස උත්සන්න වීමත් සමඟ ලොව පුරා කොටස් වෙළදපොළ වල බිඳ වැටීමක් ද දක්නට ලැබෙනවා.

Follow US
Most Viewed Stories