ඇමසෝන් ලැව් ගිනි නිවන්න බ්‍රසීලය හමුදාව යොදවයි

Saturday, 24 August 2019 - 8:18

%E0%B6%87%E0%B6%B8%E0%B7%83%E0%B7%9D%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BD%E0%B7%90%E0%B7%80%E0%B7%8A+%E0%B6%9C%E0%B7%92%E0%B6%B1%E0%B7%92+%E0%B6%B1%E0%B7%92%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B6%B6%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%83%E0%B7%93%E0%B6%BD%E0%B6%BA+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B7%8F%E0%B7%80+%E0%B6%BA%E0%B7%9C%E0%B6%AF%E0%B7%80%E0%B6%BA%E0%B7%92
ලොව විශාලතම වැසි වනාන්තරය වන බ්‍රසීලය ප්‍රමුඛ රටවල් 9ක පැතිරුණු ඇමසෝන් වනයේ දැන් ඇති වී තිබෙන මහා ලැව් ගිනි නිමා දැමීම සඳහා බ්‍රසීල ජනාධිපති ජයිර්  බොල්සෝනරෝ එරට හමුදාව යෙදවීමට නියෝග කර තිබෙනවා.

ඇමසෝන් වනයෙන් සියයට 60ක්ම අයත් වන්නේ බ්‍රසීලයටයි.

ඒ අනුව බ්‍රසීල හමුදාව ඇමසෝන් වන රක්ෂිතයේ, එහි ස්වදේශික ගම්මාන සහ දේශසීමා කලාපයේ යොදවනු ඇති.

බ්‍රසීල ජනාධිපතිවරයා එම පියවර ගනු ලැබූයේ ගෝලීය කාලගුණය සඳහා වැදගත් වන ඇමසෝන් වනයේ ලැව්ගිනි සම්බන්ධයෙන් යුරෝපීය රටවල් අනතුරු ඇගවීමෙන් පසුවයි.

මේ අතර, ලොව පුරා නගර රැසක බ්‍රසීල තානාපති කාර්යාල ඉදිරිපිට ඇමසෝන් වනය රැක ගැනීමට පියවර ගන්නැයි බල කරමින් ඊයේ විරෝධතා උද්ඝෝෂණ රැසක් සංවිධාන කර තිබුණා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories