%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B7%83%E0%B7%92%E0%B6%A7+%E0%B7%83%E0%B6%82%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B8%E0%B6%AB%E0%B6%BA+%E0%B7%80%E0%B7%96+%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%83%E0%B7%8A%E0%B6%AD%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B7%83%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B4%E0%B7%92%E0%B7%85%E0%B7%92%E0%B6%B6%E0%B6%B3+%E0%B6%B6%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0%E0%B7%92+%E0%B6%85%E0%B6%82%E0%B7%81%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B6%87%E0%B6%9F%E0%B7%80%E0%B7%93%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A
Saturday, 24 August 2019 - 16:27
ශ්‍රී ලංකාවේ සිට සංක්‍රමණය වූ ත්‍රස්තයන් පිරිසක් පිළිබඳ බුද්ධි අංශයෙන් අනතුරු ඇඟවීමක්
4,080

Views
ශ්‍රී ලංකාවේ සිට සංක්‍රමණය වූ ත්‍රස්තයන් පිරිසක් පිළිබඳ බුද්ධි අංශයෙන් අනතුරු ඇඟවීමක් "

තිරුපති කෝවිලේ ආරක්ෂාව දැඩි කෙරේ

ශ්‍රී ලංකාවේ සිට සංක්‍රමණය වූ ත්‍රස්ත සාමාජිකයින් පිරිසක් පිළිබඳ බුද්ධි අංශ කළ අනතුරු ඇඟවීම අනුව, ඉන්දියාවේ - ආන්ද්‍ර ප්‍රදේශ් ප්‍රාන්තයේ පිහිටි ඓතිහාසික තිරුපති කෝවිලේ ආරක්ෂාව දැඩි කර තිබෙනවා.

කෝවිලේ ආරක්ෂාව සඳහා ආයුධ සන්නද්ධ භට පිරිස් වැඩි ප්‍රමාණයක් යොදවා ඇති අතර, කෝවිල අවට දැඩි සෝදිසි මෙහෙයුම් සිදුකරන බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.

මෙලෙස මුහුදු මාර්ගය ඔස්සේ තමිල්නාඩුවට ඇතුළුව ඇති බවට බුද්ධි අංශ කළ අනතුරු ඇඟවීමක් කර ඇත්තේ පාකිස්ථානයේ - ලෂ්කාර් ඉ ටොයිබා නම් සංවිධානයකට සම්බන්ධ ත්‍රස්ත කණ්ඩායමක්.

මේ අතර තමිල්නාඩු ප්‍රාන්තයේ ප්‍රධාන නගර සියල්ලෙහිම ආරක්ෂාව දැඩි කිරීමට ඉන්දීය ආරක්ෂක අංශ පියවර ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

පාකිස්ථාන ජාතිකයෙකු සහ ශ්‍රී ලාංකික, දමිළ මුස්ලිම් සම්භවයක් සහිත පුද්ගලයින් 5 දෙනෙකු මෙලෙස මුහුදු මාර්ග ඔස්සේ ශ්‍රී ලංකාවේ සිට තමිල්නාඩුවේ - කොයිම්බතූර් ඇතුළු විවිධ නගරවලට සංක්‍රමණය වී ඇති බවටයි අදාල බුද්ධි අංශ මගින් අනාවරණය කර තිබුණේ.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
News Image
Hiru News Programme Segments
1,867 Views
52,645 Views
20,338 Views
27,230 Views
329 Views
101,935 Views
Top