%E0%B6%A2%E0%B7%8F%E0%B6%AD%E0%B7%92%E0%B6%9A+%E0%B6%86%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%8F%E0%B7%80+%E0%B6%AD%E0%B7%84%E0%B7%80%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AD%E0%B7%9C%E0%B6%BB%E0%B7%80+%E0%B6%86%E0%B6%BB%E0%B7%8A%E0%B6%AE%E0%B7%92%E0%B6%9A%E0%B6%BA+%E0%B6%9C%E0%B7%9C%E0%B6%A9%E0%B6%B1%E0%B6%9C%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B6%B6%E0%B7%90%E0%B7%84%E0%B7%90+-+%E0%B6%9C%E0%B7%9D%E0%B6%AA%E0%B7%8F%E0%B6%B7%E0%B6%BA+%E0%B6%BB%E0%B7%8F%E0%B6%A2%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82
Saturday, 24 August 2019 - 22:29
ජාතික ආරක්ෂාව තහවුරු කිරීමකින් තොරව ආර්ථිකය ගොඩනගන්න බැහැ - ගෝඪාභය රාජපක්ෂ
2,331

Views
ජාතික ආරක්ෂාව තහවුරු නොකළහොත් කිසිවිටකත් රටේ ආර්ථිකය ගොඩනැංවිය නොහැකි බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඒකාබද්ධ විපක්ෂයේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා.

ඔහුමේ බව සඳහන් කළේ ශ්‍රී ලංකා පොදු ජනතරුණ පෙරමු‍ණේ ජාතික සම්මේලනය අමතමින්.

ශ්‍රී ලංකා පොදු ජන තරුණ පෙරමුණේ ජාතික සම්මේලනය අද පැවැත්වුණ් නෙළුම් පොකුණ රගහළේදී.

ඒ සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා එක්වුණේ පස්වරු 2.30ට පමණ.

එහිදී මෙම තරුණ සම්මේලනයට එක්ව සිටි තරුණයින්ගේ ප්‍රශ්න සංවාද මණ්ඩපයක් ඔස්සේ ගෝඨාභය රාජපක්ෂ මහතාට ඉදිරිපත් කළ අතර, ඔහු ඒවාට පිළිතුරු ලබාදුන්නා.

අනතුරුව තරුණ තරුණයින් විසින් සිය යෝජනා ඉදිරිපත් කර සැකසු නෙළුම් ප්‍රකාශනය ගෝඨාභය රාජපක්ෂ මහතාවෙත ඩිජිටල් තාක්ෂණය උපයෝගී කර ගනිමින් පිළිගැන්වුවා. 

විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා මෙම සමුළුවට එක්වුයේ ඉන් අනතුරුවයි.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
News Image
Hiru News Programme Segments
1,867 Views
52,645 Views
20,338 Views
27,230 Views
329 Views
101,935 Views
Top