%E0%B6%BB%E0%B6%AD%E0%B7%8A%E0%B6%B1%E0%B6%B4%E0%B7%94%E0%B6%BB%E0%B6%BA%E0%B7%9A+%E0%B7%86%E0%B7%9A%E0%B7%83%E0%B7%8A%E0%B6%B6%E0%B7%94%E0%B6%9A%E0%B7%8A+%E0%B7%83%E0%B7%8F%E0%B6%AF%E0%B6%BA%E0%B6%9A%E0%B6%AF%E0%B7%93+%E0%B6%B8%E0%B6%AD%E0%B7%8A%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%80%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B7%83%E0%B6%B8%E0%B6%9F+%E0%B6%85%E0%B6%A7%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
Sunday, 25 August 2019 - 8:00
රත්නපුරයේ ෆේස්බුක් සාදයකදී මත්ද්‍රව්‍ය සමඟ අටදෙනෙකු අත්අඩංගුවට
5,235

Views
රත්නපුර - හිදැල්ලන ප්‍රදේශයේ පිහිටි හෝටලයක ෆේස්බුක් ඔස්සේ සංවිධාන කර තිබූ සාදයකදී මත්ද්‍රව්‍ය සමඟ පුද්ගලයන් අටදෙනෙකු පොලීසිය සහ පොලිස් විශේෂ කාර්ය බලකාය එක්ව අත්අඩංගුවට ගනු ලැබුවා.

ඊයේ සිදුකළ මෙම වැටලීමේදී අයිස්, හෙරොයින් සහ ගංජා මත්ද්‍රව්‍ය ළඟ තබාගෙන සිටි තරුණයින් 5 දෙනෙකු සහ තරුණියන් තුන්දෙනෙකු  අත්අඩංගුවට ගත් බවයි පොලීසිය සඳහන් කළේ.

ඔවුන් වයස අවුරුදු 19 ත් 25 ත් අතර පසුවන්නන්.

රත්නපුර අවට ප්‍රදේශවලම පදිංචි මොවුන් සතුව තිබී අයිස් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 795ක්, හෙරොයින් මිලිග්‍රෑම් 345 ක් සහ ගංජා මිලිග්‍රෑම් 4540 ක් සොයාගෙන තිබෙනවා.

සැකකරුවන් රත්නපුර මහේස්ත්‍රාත් අධිකරණය හමුවට අද ඉදිරිපත් කිරීමට නියමිතයි.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
News Image
Hiru News Programme Segments
1,867 Views
52,645 Views
20,338 Views
27,230 Views
329 Views
101,935 Views
Top