G7+%E0%B7%83%E0%B6%B8%E0%B7%94%E0%B7%85%E0%B7%94%E0%B7%80%E0%B6%A7+%E0%B6%BD%E0%B7%9D%E0%B6%9A+%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%82%E0%B7%81%E0%B6%BA%E0%B6%A7+%E0%B6%BB%E0%B7%90%E0%B7%83%E0%B7%8A%E0%B7%80%E0%B7%9A
Sunday, 25 August 2019 - 8:35
G7 සමුළුවට ලෝක නායකයින් ප්‍රංශයට රැස්වේ
6,180

Views
වෙළඳ යුද්ධය සහ ගෝලීය ආර්ථිකයේ පසුබෑම මැද ලොව ධනවත්ම රටවල නායකයන් ජී හත සමුළුව සඳහා දැන් ප්‍රංශයේ වෙරළාසන්න බියරිට්ස් නගරයට රැස්වී සිටිනවා.

මෙම සමුළුවේදී බ්‍රිතාන්‍යයේ නව අගමැති බොරිස් ජොන්සන්, ජනපති ට්‍රම්ප් සමඟ යළි සාකච්ඡාවක නිරතවීමට නියමිතයි.

මෙවර G7 සමුළුවේ සත්කාරක රට වන ප්‍රංශයේ ජනාධිපති එම්මානුවෙල් මැක්රොන් ජනපති ට්‍රම්ප් ඊයේ පැමිණි විගස කළින් සැළසුම් නොකළ පැය දෙකක දිවා භෝජන සංග්‍රහයක් සංවිධාන කර තිබෙනවා.

එය ලෝක නායකයන්ගේ එකමුතුකම සහ සහෝදරත්වය පිළිබඳ පරීක්ෂාවක් ලෙසයි යුරෝපා සංගමයේ සභාපති ඩොනල්ඩ් ටස්ක් ප්‍රකාශ කළේ.

අද සිට ඔවුන් ගෝලීය ආර්ථිකය සහ කාලගුණ වෙනස ඇතුලූ විෂයන් පිළිබඳව පුළුල් සංවාදයක නිරතවනු ඇති.

එමෙන්ම ධනවාදී රටවල නායක සමුළුවට එරෙහි විරෝධතාකරුවන් විසුරුවා හැරීමට ප්‍රංශ පොලීසිය ඊයේ කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කළා.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
News Image
Hiru News Programme Segments
1,708 Views
52,508 Views
20,295 Views
27,143 Views
271 Views
101,777 Views
Top