%E0%B6%BB%E0%B7%8F%E0%B7%84%E0%B7%94%E0%B6%BD%E0%B7%8A+%E0%B6%9C%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%B0%E0%B7%92+%E0%B6%9A%E0%B7%8F%E0%B7%81%E0%B7%8A%E0%B6%B8%E0%B7%93%E0%B6%BB+%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AD%E0%B7%9C%E0%B6%A7%E0%B7%94%E0%B6%B4%E0%B6%BD%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%84%E0%B6%BB%E0%B7%80%E0%B7%8F+%E0%B6%91%E0%B7%80%E0%B6%BA%E0%B7%92
Sunday, 25 August 2019 - 10:22
රාහුල් ගාන්ධි කාශ්මීර ගුවන් තොටුපලෙන් හරවා එවයි
562

Views
මෝදි රජය විසින් ජම්මු කාශ්මීරයේ ප්‍රාන්ත තත්ත්වය අහිමි කිරීමෙන් පසු එහි පවතින උණුසුම් වාතාවරණය පිළිබඳව සොයාබැලීම සඳහා ප්‍රාන්ත අගනුවර වන ශ්‍රී නගර් වෙත ගිය කොංග්‍රස් නායක රාහුල් ගාන්ධි ඇතුලූ විපක්ෂ දේශපාලනඥයන් ඊයේ ගුවන් තොටුපලෙන්ම හරවා එවා තිබෙනවා.

රාහුල් ගාන්ධි කාශ්මීරය බලා ගියේ එහි ආණ්ඩුකාර සත්‍ය පාල් මලික් විසින් කරන ලද ආරාධනයකට අනුවයි.

කාශ්මීරයේ ජනතාව පීඩාවන්ට ලක්වන බවට සිදුකළ ප්‍රකාශයන් හේතුවෙන් ආණ්ඩුකාරවරයා කියා සිටියේ රාහුල් ගාන්ධිට එහි පැමිණ තත්ත්වය දැකබලාගැනීමට ආරාධනා කරන බවයි.

ඒ සඳහා ගුවන් යානයක් යැවීමට සූදානම් බවද ඔහු ප්‍රකාශ කළා.

ඉන්දීය මාධ්‍ය හෙළිදරව් නොකළද කාශ්මීරයේ දිනපතා විරෝධතා පැවැත්වෙන අතර, එහි ජනතාව දැඩි දුෂ්කරතාවන්ට පත්ව සිටින බව සඳහන්.

නැවත හරවා එවූ රාහුල් ගාන්ධි කියා සිටියේ කාශ්මීරයේ තත්ත්වය සාමාන්‍ය නොවන බව එහි චාරිකා කිරීමට විපක්ෂ දේශපාලනඥයන්ට ඉඩ නොදීමෙන් තහවුරු වන බවයි.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
News Image
Hiru News Programme Segments
1,867 Views
52,645 Views
20,338 Views
27,230 Views
329 Views
101,935 Views
Top