%E0%B6%8A%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%8F%E0%B6%BA%E0%B6%BD%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%84%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
Sunday, 25 August 2019 - 11:42
ඊශ්‍රායලයෙන් සිරියාවට ගුවන් ප්‍රහාරයක්
362

Views
සිරියානු දේශසීමාව උල්ලංඝනය කරමින්, ඊශ්‍රායලය ඊයේ රාත්‍රියේ ගුවන් ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.

ඊශ්‍රායල හමුදාව ප්‍රකාශ කළේ ඉරානය විසින් පුපුරණ ද්‍රව්‍ය සහිත ඩ්‍රෝන යොදාගනිමින් තම රටට එරෙහිව ප්‍රහාරයක් එල්ල කිරීමට සැරසෙන බැවින් එම ගුවන් ප්‍රහාරය ක්‍රියාත්මක කළ බවයි.

ඉරානය  සිරියාවේ බසාර් අල් අසාද් රජයේ ප්‍රධාන සහයකයා ලෙසයි සැළකෙන්නේ.

සිරියාවට එල්ල කළ ප්‍රහාරය ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහුද සනාථ කළා.

කෙසේ නමුත් සිරියාව කියා සිටියේ එම ප්‍රහාරයට එරෙහිව තම ගුවන් ආරක්ෂණ පද්ධතිය ක්‍රියාත්මක වූ බවයි.

එමඟින් සතුරු ඉලක්කයන්ට ප්‍රහාරයක් එල්ල කළ බවද සිරියාව කියා සිටියා.

ලෙබනනයේ සහ සිරියාවේ සිට ක්‍රියාත්මක වන හිස්බුල්ලා සන්නද්ධ සාමාජිකයන්ට ඉරානයේ සහය ලැබෙන බවට ඊශ්‍රායලය චෙදා්දනා කරනවා.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
News Image
Hiru News Programme Segments
1,867 Views
52,645 Views
20,338 Views
27,230 Views
329 Views
101,935 Views
Top