%E0%B6%87%E0%B6%B8%E0%B7%83%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AD%E0%B7%80%E0%B6%B8%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9C%E0%B7%92%E0%B6%B1%E0%B7%92%E0%B6%9C%E0%B6%B1%E0%B7%93
Sunday, 25 August 2019 - 12:55
ඇමසන් තවමත් ගිනිගනී
615

Views
ලොව විශාලතම වැසි වනාන්තරය වන ඇමසන් වනයේ ලැව්ගිනි තවදුරටත් පැතිරෙමින් පවතින බව වාර්තාවනවා.

නව ලැව්ගිනි සිය ගණනක් ඇවිලී ඇති අතර, ඒවා නිවීම සඳහා දහස් සංඛ්‍යාත හමුදා සහ ගුවන් යානා විශාල සංඛ්‍යාවක් යොදවා ඇති බව සඳහන්.

විශේෂයෙන් බ්‍රසීලයේ වයඹ දිග රොන්ඩෝනියා ප්‍රදේශයේ මෙම ලැව්ගිනි පැතිරෙන අතර, මේ වනවිට හෙක්ටයාර දහස් ගණනක වනය විනාශ වී ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

ඇමසන් වනයේ සියයට 60 ක් බ්‍රසීලයට අයත් වන අතර, මේ වසරේදී එහි ලැව් ගිනි 78,383ක් ඇතිවී තිබෙනවා.

එය  2013 වසරෙන් පසු වාර්තාවන දරුණුතම තත්ත්වයයි.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
News Image
Hiru News Programme Segments
1,867 Views
52,645 Views
20,338 Views
27,230 Views
329 Views
101,935 Views
Top