%E0%B7%84%E0%B7%9C%E0%B6%82%E0%B6%9A%E0%B7%9C%E0%B6%82+%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%9D%E0%B6%B0%E0%B6%AD%E0%B7%8F%E0%B6%9A%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%93%E0%B7%83%E0%B7%92%E0%B6%BA+%E0%B7%83%E0%B7%84+%E0%B6%BA%E0%B7%85%E0%B7%92+%E0%B6%9C%E0%B7%90%E0%B6%A7%E0%B7%99%E0%B6%BA%E0%B7%92
Sunday, 25 August 2019 - 13:52
හොංකොං විරෝධතාකරුවන් පොලීසිය සහ යළි ගැටෙයි
317

Views
ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණ ඉල්ලා හොංකොං දිවයිනේ මාස 3 ක් තිස්සේ පවතින විරෝධතා දැන් ප්‍රචන්ඩ මුහුණුවරක් ගෙන ඇති බව විදෙස් වාර්තා සඳහන් කළා.

විරෝධතාකරුවන් ඊයේ දිනයේදී එහි කාර්මික ජනපද පිහිටි ප්‍රදේශයේ විරෝධතාවල නිරතවූ අතර, සී සී ටී වී කැමරා සහිත විදුලි පහන් කණුවලට පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.

ඇතමුන් උණබම්බු පලංචි යොදා මාර්ග අවහිර කර තිබූ අතර, පොලීසිය හා ගැටුණු 29 දෙනෙකු අත්අඩංගුවට ගනු ලැබූ බවයි හොංකොං බලධාරීන් ප්‍රකාශ කළේ.

හොංකොං හි දැන් පවතින විරෝධතා 1997 වසරේ දිවයින නැවත හිමිවීමෙන් පසු චීන බලධාරීන් මුහුණදෙන ප්‍රබලතම අභියෝගය ලෙසයි සැළකෙන්නේ.

එමෙන්ම ඔක්තෝම්බර් 1 වනදාට යෙදී ඇති චීන ජන රජයේ 70 වන සංවත්සරයට පෙර මෙම විරෝධතා මර්දනය කිරිමට චීන රජය පියවර ගනු ඇති බවයි විචාරකයන් පෙන්වා දෙන්නේ.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
News Image
Hiru News Programme Segments
1,867 Views
52,645 Views
20,338 Views
27,230 Views
329 Views
101,935 Views
Top