%E0%B6%AF%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AF%E0%B7%99%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%8F%E0%B6%A7+%E0%B7%80%E0%B7%83+%E0%B6%B4%E0%B7%9C%E0%B7%80%E0%B7%8F+%E0%B6%B4%E0%B7%92%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B7%83%E0%B7%92%E0%B6%BA+%E0%B6%AF%E0%B7%92%E0%B7%80%E0%B7%92+%E0%B7%84%E0%B7%8F%E0%B6%B1%E0%B7%92+%E0%B6%9A%E0%B6%BB+%E0%B6%9C%E0%B6%B1%E0%B7%93
Sunday, 25 August 2019 - 14:03
දරුවන් දෙදෙනාට වස පොවා පියෙකු සිය දිවි හානි කර ගනී
16,519

Views
පුත්තලම උඩප්පුව ප්‍රදේශයේ පියෙකු සිය නිවසේදී ගෙළ වැලලාගනිමින් සියදිවි හානිකරගෙන ඇති අතර, ඔහුගේ දරුවන් දෙදෙනාද වස ශරිර ගතවීමෙන් ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ 31 හැවිරිදි පියා සහ 6 වන වියේ සහ 9 වන වියේ පසුවන දරුවන් දෙදෙනෙක්.

උඩප්පුව පොලිස් වසමේ කොත්තන්තිව් ප්‍රදේශයේදී වයස අවුරුදු 31ක් වු වර්ණකුලසුරිය අසංක සනත් නම් වු පියා විසින් ගෙළවැලලාගෙන තිබුණේ අද පෙරවරුවේයි.

පැවති පවුල් ආරවුල් හේතුවෙන් සියදිවි හානිකරගත් පුද්ගලයාගේ බිරිඳ විටින් විට නිවසින් පිටව ජීවත්ව ඇති අතර ඒ සම්බන්ධයෙන් ඔහු විසින් උඩප්පුව පොලිසියේ පැමිණිල්ලක්ද කර තිබුණා.

ඒ අනුව පුත්තලම සමථ මණ්ඩලයට ඔවුන්ව අද දින කැඳවා ඇති අතර එහිදි මියගිය පුද්ගලයාගේ බිරිඳ විසින් පවසා ඇත්තේ මාසයකින් පසුව යළි නිවස වෙත පැමිණෙන බවටයි.

එහිදි ඇතිවු සිත්තැවුල හේතුවෙන් තම දරු දෙදෙනාට වසදී ඔහු ගෙළ වැලලාගන්නට ඇතැයි පොලිසිය සැක කරනවා.

සිද්ධිය සැලවූ පසු ඥාතින් අදාල නිවස වෙත පැමිණ ඇති අතර, වස ශරීර ගතවීමෙන් අසාධ්‍ය තත්ත්වයේ පසුවු දරුවන් දෙදෙනා පුත්තලම රෝහල වෙත ඇතුළත් කිරීමෙන් පසු ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.

එලෙස ජිවිතක්ෂයට පත්වූයේ වයස අවුරුදු 9ක් වු වර්ණකුලසුරිය විලියම් මැතිව් සහ අවුරුදු 6ක් වු වර්ණකුලසුරිය එෂෝන් නිම්රෝධ යන දරුවන් දෙදෙනායි.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
News Image
Hiru News Programme Segments
1,867 Views
52,645 Views
20,338 Views
27,230 Views
329 Views
101,935 Views
Top