ක්වාලාලාම්පූර් ගුවන් තොටුපළේ කටයුතු යථා තත්ත්වයට

Sunday, 25 August 2019 - 16:06

%E0%B6%9A%E0%B7%8A%E0%B7%80%E0%B7%8F%E0%B6%BD%E0%B7%8F%E0%B6%BD%E0%B7%8F%E0%B6%B8%E0%B7%8A%E0%B6%B4%E0%B7%96%E0%B6%BB%E0%B7%8A+%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AD%E0%B7%9C%E0%B6%A7%E0%B7%94%E0%B6%B4%E0%B7%85%E0%B7%9A+%E0%B6%9A%E0%B6%A7%E0%B6%BA%E0%B7%94%E0%B6%AD%E0%B7%94+%E0%B6%BA%E0%B6%AE%E0%B7%8F+%E0%B6%AD%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B6%BA%E0%B6%A7
මලයාසියාවේ ක්වාලාලාම්පූර් ගුවන් තොටුපළේ මෙහෙයුම් කටයුතු අද සිට යථා තත්ත්වයට පත් කර තිබෙනවා.

ගුවන් තොටුපළේ මෙහෙයුම් පද්ධතියේ බිඳ වැටීමක් හේතුවෙන් පසුගිය බදාදා මධ්‍යම රාත්‍රියේ සිට ක්වාලාලාම්පූර් ගුවන් තොටුපළේ කටයුතුවලට දැඩි බාධා එල්ල වී තිබූ බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

ඒ හේතුවෙන් ගුවන් ගමන් ප්‍රමාද වීම මෙන්ම ඇතුළු වීමේ සහ පිටවීමේ පර්යන්තවල කටයුතුවලට ද බාධා එල්ල වී තිබුණා.

එමෙන්ම ගමන් මළු භාර ගැනීමේ කවුළු අසළ දිගු පෝලිම් දක්නට ලැබුණු අතර, ගුවන් යානා තොරතුරු ප්‍රදර්ශනය කිරීමේ කටයුතුවලට ද බාධා එල්ල වී තිබූ බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.  




Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories