%E0%B6%BB%E0%B7%92%E0%B6%BA+%E0%B6%85%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B6%AF%E0%B7%99%E0%B6%9A%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B7%9C%E0%B7%83%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B6%B4%E0%B6%BD%E0%B7%8A%E0%B7%80%E0%B6%BB%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AF%E0%B7%99%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7
Wednesday, 11 September 2019 - 9:38
රිය අනතුරු දෙකකින් කොස්තාපල්වරුන් දෙදෙනෙකු මරුට
831

Views
ප්‍රදේශ දෙකක සිදුවූ රිය අනතුරුවලින් පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙකු මිය ගොස් තවත් දෙදෙනෙකු තුවාල ලබා තිබෙනවා.

එක් අනතුරක් අද අලුයම මහනුවර - කොළඹ ප්‍රධාන මාර්ගයේ උතුවන්කන්ද ප්‍රදේශයේදී සිදුවූ අතර, එහිදි මාවනැල්ල පොලීසියේ කැබ් රථයක ඉන්ධන බවුසරයක් ගැටීමෙන් පොලිස් කොස්තාපල්වරයෙකු මිය ගොස් උප පොලිස් පරීක්ෂකරයෙකු සහ සැරයන්වරයෙකු තුවාල ලැබුවා.

මෙලෙස අනතුරට ලක්වුණේ රාත්‍රී ජංගම සංචාරය සඳහා යොදවා තිබූ කැබ් රථයක් වන අතර, මහනුවර සිට කොළඹ දක්වා ඉන්ධන ප්‍රවාහනය කරමින් තිබූ බවුසරය එහි පිටුපස ගැටීමෙන් අනතුර සිදුව තිබෙනවා.

එහිදී ජීවිතක්ෂයට පත්වුණේ කඩුගන්නාව - කඩවත්ගම ප්‍රදේශයේ පදිංචි දෙදරු පියෙකු වන පොලිස් කොස්තාපල්වරයෙක්.

මේ අතර, දඹුල්ල රෝහල ආසන්නයේදී වැලි ප්‍රවාහනය කරන ටිපර් රථයක ගැටීමෙන් ද පොලිස් කොස්තාපල්වරයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

යතුරුපැදියෙන් යමින් සිටියදී ඊයේ රාත්‍රියේ මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ ගලේවෙල ප්‍රදේශයේ පදිංචි 32 හැවිරිදි හබරණ පොලීසියේ තොරතුරු තාක්ෂණ නිලධාරියා බවයි දඹුල්ල පොලීසිය සඳහන් කළේ.

සේවය අවසන් වී නැවත සිය නිවස වෙත යමින් සිටියදී ඔහු මෙම අනතුරට ලක්ව තිබෙනවා.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
News Image
Hiru News Programme Segments
1,612 Views
52,400 Views
20,243 Views
27,105 Views
230 Views
101,658 Views
Top