ආබාධිත රණවිරුවන් අදත් විරෝධතාවයේ

Wednesday, 11 September 2019 - 10:54

%E0%B6%86%E0%B6%B6%E0%B7%8F%E0%B6%B0%E0%B7%92%E0%B6%AD+%E0%B6%BB%E0%B6%AB%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B6%AF%E0%B6%AD%E0%B7%8A+%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%9D%E0%B6%B0%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%BA%E0%B7%9A
ජීවිතාන්තය දක්වා වැටුප් ලබා දෙන බවට රජය ලබාදුන් පොරොන්දුව කඩ කිරිමට විරෝධය පල කරමින් ආබාධ සහ විශ්‍රාමික රණවිරුවන් පිරිසක් මේ වන විට ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට විරෝධතාවක නිරත වනවා.

හිරු වාර්තාකරු ප්‍රකාශ කළේ ජනාධිපති ලේකම් කාර්යාලයට පිවිසෙන ප්‍රධාන දොරටුව අසල බිම වාඩි වී ඔවුන් මෙලෙස විරෝධතාවයේ නිරත වන බවයි.

විශ්‍රාමික ත්‍රිවිධ හමුදා පොලිස් අබාධිත රණවිරුවන්ට හා මියගිය අතුරුදන් රණවිරුවන්ගේ යැපෙන්නන්ට ජීවිතාන්තය දක්වා වැටුප් හා දීමනා ලබාදෙන බවට රජය පොරොන්දු වූ බව විරෝධතාවයේ නිරත රණවිරුවන් පවසනවා.

එහෙත් ලබාදුන් පොරොන්දුව ඉටු නොකර සාකච්ජා පමණක් සිදුකරමින් සිටින බවටයි ඔවුන් චෝදනා කළේ.

කොළඹ කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට සිට ජනාධිපති ලේකම් කාර්යාලය දක්වා අද උදෑසන විරෝධතා පාගමනක නිරත වීමට මොවුන් සැලසුම් කර තිබුණ ද ගාලූමුවදොරට පිවිසෙන ලෝටස් වටරවුම වසා දැමීම නිසා ඔවුන් බස්රථයකින් එම ස්ථානයට පැමිණීමටයි සූදානම් වූයේ.

එහෙත් පොලිසිය ඊට අවස්ථාව ලබාදුන්නේ නැහැ.

ඉන් අනතුරුවයි මොවුන් ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට ප්‍රධාන ෙදාරටුව අභියසට පැමිණ බිම වාඩිවි විරෝධය ආරම්භ කරනු ලැබුවේ. 


උණුසුම ගැන අනතුරු ඇඟවීමක්
Thursday, 27 February 2020 - 9:43

අද දිනයේද වයඹ සහ බස්නාහිර පළාත්වලටද මන්නාරම, ගාල්ල, මාතර දිස්ත්‍රික්කවල... Read More

හෙට්ටිපොල නිවසකින් වෙඩි වැදී මියගිය පුද්ගලයෙකුගේ සිරුරක් හමුවෙයි
Thursday, 27 February 2020 - 9:14

හෙට්ටිපොල - පැපලේගම - හල්මිල්ලවැව ප්‍රදේශයේ නිවසක තිබී වෙඩි... Read More

පුරාවිද්‍යාත්මක වටිනාකමකින් යුත් පිළිම දෙකක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට
Thursday, 27 February 2020 - 8:54

පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පල අසලදී කොළඹ අපරාධ කොට්ඨාශයේ... Read More