හම්බන්තොට වරායට එන නැව්වලින්, බැහැර කරන කසල ගැන සැකයක්

Wednesday, 11 September 2019 - 12:25

%E0%B7%84%E0%B6%B8%E0%B7%8A%E0%B6%B6%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%9C%E0%B6%A7+%E0%B7%80%E0%B6%BB%E0%B7%8F%E0%B6%BA%E0%B6%A7+%E0%B6%91%E0%B6%B1+%E0%B6%B1%E0%B7%90%E0%B7%80%E0%B7%8A%E0%B7%80%E0%B6%BD%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%2C+%E0%B6%B6%E0%B7%90%E0%B7%84%E0%B7%90%E0%B6%BB+%E0%B6%9A%E0%B6%BB%E0%B6%B1+%E0%B6%9A%E0%B7%83%E0%B6%BD+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B7%83%E0%B7%90%E0%B6%9A%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
හම්බන්තොට ජාත්‍යන්තර වරායට පැමිණෙන නැව්වලින් මහනගර සභාවේ කසල කළමනාකරණ ඒකකයට බාර ගන්නා කසල එම නැව තුල පරිහරණය කරන ඒවාද නැතිනම් වෙනත් රටවලින් ගෙනෙන ලද ඒවාද යන්න පිළිබදව සැකයක් පවතින බව හම්බන්තොට මහනගර සභාවේ විපක්ෂ නායක ඩි.එම් .ගාමිණි පවසනවා.

මේ පිළිබදව මහනගර සභාවේ මන්ත්‍රීවරුන්ට නිවැරදි ලෙස පැහැදිලි කරගැනිම සඳහා එය සියසින් බලාගැනිමට අවශ්‍ය බවටයි ඊයේ පැවති මාසික සභා රැස්විමේදි ප්‍රකාශ කර ඇත්තේ.

පසුගිය කාලයේ විදේශ රටවලින් ගෙන්වා ඇති කසල සම්බන්ධයෙන් තොරතුරු වාර්තා විමත් සමග නැව් මාර්ගයෙන් වෙනත් රටවල කසල මෙරටට ගෙනවිත් දමනවා ද යන්න පිලිබදව සැකයක් පවතින බව විපක්ෂ නායක ඩි.එම් . ගාමිණී සඳහන් කළා.  

මේ සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශය හම්බන්තොට මහනගර සභාවෙන් විමසිමක් කල අතර, එහි ප්‍රකාශයෙකු කියා සිටියේ සමුද්‍රීය ආරක්ෂණ අධිකාරිය මගින් නිරීක්ෂණය කිරිමෙන් අනතුරුව මෙලෙස නැව්වලින් කසල භාරගන්නා බවයි.

එම් අනුව, අප සමුද්‍රීය ආරක්ෂණ අධිකාරියෙන් ද මේ පිළිබඳව විමසිමක් කලා.

එම අධිකාරිය සදහන් කලේ නැව් තුල පරිහරණය කරන කසල පමණක් මහනගර සභාවේ කසල කළමනාකරණ ඒකකයට බැහැර කරන බවයි.
    



උණුසුම ගැන අනතුරු ඇඟවීමක්
Thursday, 27 February 2020 - 9:43

අද දිනයේද වයඹ සහ බස්නාහිර පළාත්වලටද මන්නාරම, ගාල්ල, මාතර දිස්ත්‍රික්කවල... Read More

රටම බලපු සුපිරි ක්‍රිකට් ගැටුම මැද සූරියවැව ක්‍රිකට් ක්‍රීඩාංගණය එක්වරම අඳුරු වී ගිය හැටි මෙන්න
Thursday, 27 February 2020 - 9:43

රටම බලපු සුපිරි ක්‍රිකට් ගැටුම මැද සූරියවැව ක්‍රිකට් ක්‍රීඩාංගණය... Read More

හෙට්ටිපොල නිවසකින් වෙඩි වැදී මියගිය පුද්ගලයෙකුගේ සිරුරක් හමුවෙයි
Thursday, 27 February 2020 - 9:14

හෙට්ටිපොල - පැපලේගම - හල්මිල්ලවැව ප්‍රදේශයේ නිවසක තිබී වෙඩි... Read More