ජනපති කොමිසමට හෙට පැමිණිය නොහැකි බවට, අගමැතිගෙන් දැනුම් දීමක්

Wednesday, 11 September 2019 - 12:33

%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%9A%E0%B7%9C%E0%B6%B8%E0%B7%92%E0%B7%83%E0%B6%B8%E0%B6%A7+%E0%B7%84%E0%B7%99%E0%B6%A7+%E0%B6%B4%E0%B7%90%E0%B6%B8%E0%B7%92%E0%B6%AB%E0%B7%92%E0%B6%BA+%E0%B6%B1%E0%B7%9C%E0%B7%84%E0%B7%90%E0%B6%9A%E0%B7%92+%E0%B6%B6%E0%B7%80%E0%B6%A7%2C+%E0%B6%85%E0%B6%9C%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AF%E0%B7%90%E0%B6%B1%E0%B7%94%E0%B6%B8%E0%B7%8A+%E0%B6%AF%E0%B7%93%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A
කෘෂිකර්ම අමාත්‍යාංශය පිහිටි රාජගිරිය - ඩී.පී.ජේ. ගොඩනැගිල්ල සම්බන්ධයෙන් සිදුකෙරෙන පරික්ෂණයට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා හෙට දිනයේදී තමන්ට 2015 /2018 කාලසීමාවේ රාජ්‍ය ආයතනවල වංචා දුෂණ සොයන ජනාධිපති විමර්ශන කොමිෂන් සභාව හමුවේ පෙනී සිටිය නොහැකි බවට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ දැනුම් දී තිබෙනවා.

කොමිසමේ ප්‍රකාශයයෙකු සඳහන් කළේ කලින් සැලසුම් කර තිබූ මන්නාරම ප්‍රදේශයේ උත්සව කිහිපයකට  අග්‍රඅමාත්‍ය වරයා සහභාගි වීමට ඇති බැවින් හෙට දිනයේ එම කොමිසමට පැමිණිය නොහැකි බවට ඔහුගේ ලේකම්වරයා විසින් අද ජනාධිපති කොමිසමට දැනුම් දී ඇති බවයි.

ඒ අනුව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට ලබන 16 වනදා පෙරවරු 9.30 ට මෙම කොමිෂන් සභාවට පැමිණෙන ලෙසට සිතාසි නිකුත් කර තිබෙනවා.

මෙම පරික්ෂණයට අදාළව හිටපු කෘෂිකර්ම අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රි දුමින්ද දිසානායක ඊයේ පෙනී සිටි අවස්ථාවේදී ඔහු ප්‍රකාශ කළේ් මෙම ගොඩනැගිල්ල ලබාගැනීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබුණු අතර, ඊට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සියලූ කටයුතු සම්පාදනය කළ බවයි.

ඒ අනුවයි අග්‍රාමාත්‍යවරයා කැදවීමට ජනාධිපති කොමිසම තීරණය කරනු ලැබුවේ.  

මේ අතර ප්‍රකාශයක් ලබාදීම සඳහා අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් ජනාධිපති විමර්ශන කොමිෂන් සභාව හමුවට අද පෙරවරුවේ පැමිණියා.

ඒ, අමාත්‍යවරයාගේ ඡායාරූපය පාසල් පෙළ පොත්වල මුද්‍රණය කිරීමට අදාළ පැමිණිල්ල සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශණය සඳහායි.

මෙම සිද්ධියට අදාලව අධ්‍යාපන අමාත්‍යාංශයේ පාසල් සැපයුම් අධ්‍යක්‍ෂවරයා සාක්ෂි ලබාදීමෙන් අනතුරුව අමාත්‍යවරයා ද්වේශ සහගත ලෙස ඔහුට එරෙහිව විනය පරීක්ෂණයක් ආරම්භ කිරීම සම්බන්ධයෙන් අතිරේක පැමිණිල්ලක් ඉදිරිපත්ව තිබුණා.

ඊට අදාලව සාක්ෂි ලබාගැනීම සඳහායි ඔහු මෙලෙස පැමිණ ඇත්තේ.



ETI තැන්පත්කරුවන් වෝඩ් පෙදෙසේ විරෝධතාවක
Friday, 28 February 2020 - 20:13

ඊ.ටී.අයි. මූල්‍ය ආයතනයේ ප්‍රධාන කාර්යාලය ඉදිරිපිට අඛණ්ඩ උපවාසයේ... Read More

ක්‍රීඩකයන් බිමින් යවා උඩින් ගිය ක්‍රිකට් ලොක්කෝ (වීඩියෝ)
Friday, 28 February 2020 - 20:06

සංචාරක බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකාව... Read More

ප්‍රතිපත්තිවලට වඩා උද්ඝෝෂණවලට කාලය වැය කිරීමට සිදුව ඇතැයි ජනපති කියයි
Friday, 28 February 2020 - 19:36

ප්‍රතිපත්තිවලට වඩා උද්ඝෝෂණවලට තම කාලය වැය කිරීමට සිදුව ඇති... Read More