%E0%B6%B4%E0%B6%BB%E0%B7%92%E0%B6%B4%E0%B7%8F%E0%B6%BD%E0%B6%B1+%E0%B7%83%E0%B7%9A%E0%B7%80%E0%B7%8F+%E0%B7%83%E0%B6%82%E0%B6%9C%E0%B6%B8%E0%B7%8A+%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B6%A2%E0%B6%B1%E0%B6%BA+%E0%B6%AF%E0%B7%92%E0%B6%9C%E0%B7%8A%E0%B6%9C%E0%B7%90%E0%B7%83%E0%B7%8A%E0%B7%83%E0%B7%99%E0%B6%B1+%E0%B6%BD%E0%B6%9A%E0%B7%94%E0%B6%AB%E0%B7%94+-+%E0%B6%BB%E0%B7%8F%E0%B6%A2%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%86%E0%B6%BA%E0%B6%AD%E0%B6%B1+%E0%B6%BB%E0%B7%90%E0%B7%83%E0%B6%9A+%E0%B7%80%E0%B7%90%E0%B6%A9+%E0%B6%85%E0%B6%AF%E0%B6%AD%E0%B7%8A+%E0%B6%85%E0%B6%A9%E0%B7%8F%E0%B6%BD%E0%B6%BA%E0%B7%92
Wednesday, 11 September 2019 - 12:41
පරිපාලන සේවා සංගම් වර්ජනය දිග්ගැස්සෙන ලකුණු - රාජ්‍ය ආයතන රැසක වැඩ අදත් අඩාලයි
1,553

Views
ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමය ඇතුළු වෘත්තීය සමිති කිහිපයක් දියත් කර ඇති  වර්ජනය හේතුවෙන් රාජ්‍ය ආයතන රැසක කටයුතුවලට අද දිනයේත් බාධා එල්ල වී තිබෙනවා.

වැටුප් විෂමතා ගැටළුවක් මුල් කර ගනිමින් ඔවුන් ඊයේ දිනයේදී මෙම වර්ජනය ආරම්භ කළ අතර, එය අද අවසන් වීමට නියමිතයි.

වර්ජනය හේතුවෙන් ආගමන විගමන, පුද්ගයින් ලියාපදිංචි කිරිමේ සහ මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුවේ මෙන්ම සියළුම දිස්ත්‍රික් ලේකම්, ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල පරිපාලන කටයුතුවලට ද බාධා එල්ල වී තිබෙනවා.

ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමයේ ලේකම් රෝහණ ද සිල්වා කියා සිටියේ ගැටළුවට විසදුම් නොලැබුණහොත් වර්ජනය අඛණ්ඩව සිදුකිරීමට මේ වන විටත් සියළු සාමාජිකයින්ගේ අනුමැතිය හිමිව ඇති බවයි.

මේ සම්බන්ධයෙන් අප රාජ්‍ය පරිපාලන අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාරගෙන් කළ විමසීමකදී ඔහු කියා සිටියේ ලබන වසරේ ජුලි මාසය වන විට  පරිපාලන නිළධාරීයෙකුගේ මූලික වැටුප රුපියල් 65,000 දක්වා ඉහළ දැමීමට කටයුතු කර ඇති බවයි.

මේ අතර 2016 අයවැය ලේඛනයට අනුව පැන නැගී ඇති වැටුප් විෂමතා ගැටළුවක් මුල් කර ගනිමින් විශ්වවිද්‍යාලවල අනධ්‍යයන හා පරිපාලන කාර්ය මණ්ඩලය ආරම්භ කළ අඛණ්ඩ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අද දිනයේදීත් ක්‍රියාත්මකයි.

දිවයින පුරා පිහිටි සියළුම විශ්වවිද්‍යාලවල මෙම වර්ජනය ක්‍රියාත්මක අතර, ඒ හේතුවෙන් විශ්වවිද්‍යාලවල අධ්‍යයන කටයුතු වලට බාධා එල්ල වී ඇති බවයි වාර්තා වන්නේ.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
News Image
Hiru News Programme Segments
1,612 Views
52,400 Views
20,243 Views
27,105 Views
230 Views
101,658 Views
Top