රතුපස්වල සිද්ධිය ගැන නීතිපති අධිචෝදනා ගොනු කරයි

Wednesday, 11 September 2019 - 15:05

%E0%B6%BB%E0%B6%AD%E0%B7%94%E0%B6%B4%E0%B7%83%E0%B7%8A%E0%B7%80%E0%B6%BD+%E0%B7%83%E0%B7%92%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0%E0%B7%92%E0%B6%BA+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%B1%E0%B7%93%E0%B6%AD%E0%B7%92%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%85%E0%B6%B0%E0%B7%92%E0%B6%A0%E0%B7%9D%E0%B6%AF%E0%B6%B1%E0%B7%8F+%E0%B6%9C%E0%B7%9C%E0%B6%B1%E0%B7%94+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92
පිරිසිදු පානීය ජලය ලබාගැනීම වෙනුවෙන් වැලිවේරිය රතුපස්වලදී විරෝධතාවයේ යෙදුණු ජනතාවට වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් නීතිපති දප්පුල ද ලිවේරා ගම්පහ මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනුකර තිබෙනවා.

නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනී රජයේ අධිනීතිඥ නිෂාරා ජයරත්න කියා සිටියේ නීතිපතිවරයා විසින් අද මෙම අධිචෝදනා ගොනුකළ බවයි.

නීතිපතිවරයාගේ ඉල්ලීම මත අගවිනිසුරු ජයන්ත ජයසූරිය විසින් මෙම සිද්ධියට අදාළව මීට පෙර ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මණ්ඩලයක් පත් කරනු ලැබුවා.

මෙය මහජන කැලඹිමකට හේතුවූ සිදුවිමක් බැවින් එහි සුවිශේෂීත්වය සැලකිල්ලට ගෙන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ මෙම නඩුව කැදවන ලෙසටයි නීතිපතිවරයා අගවිනිසුරුවරයාගෙන් ඉල්ලා තිබුණේ.

ඒ අනුව මීට වසර 6 කට පෙර සිදුවූ අදාළ සිද්ධිය සම්බන්ධයෙන් ගම්පහ මහාධිකරණයේදී සිදු කෙරෙන එම නඩු විභාගය සඳහා මහාධිකරණ විනිසුරු මේනකා විජේසුන්දරගේ සභාපතිත්වයෙන් යුතුව පත්කර ඇති ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලේ අනෙකුත් විනිසුරුවන් වන්නේ නිමල් රණවීර සහ නිශාන්ත හපුආරච්චියි.  

2013 වසරේ අගෝස්තු මස 01 වනදා සිදුවූ මෙම සිද්ධියෙන් පුද්ගලයන් 03 දෙනෙකු මියගිය අතර තවත් තිස් තුන් දෙනෙකු තුවාල ලැබුවා.

ඊට අදාළව බ්‍රිගේඩියර් අරුණ දේශප්‍රිය ගුණවර්ධන ඇතුළු හමුදා නිලධාරින් හතර දෙනෙකුට එරෙහිව ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ මීට පෙර නඩු පවරනු ලැබුවා.


පැත්ත ගියත් ඇත්ත කියන ශ්‍රී ලංකාවේ අංක එකේ ප්‍රවෘත්ති විකාශය - අද 9.55ට
Friday, 28 February 2020 - 21:32

පැත්ත ගියත් ඇත්ත කියන ශ්‍රී ලංකාවේ අංක එකේ ප්‍රවෘත්ති විකාශය... Read More

ETI තැන්පත්කරුවන් වෝඩ් පෙදෙසේ විරෝධතාවක
Friday, 28 February 2020 - 20:13

ඊ.ටී.අයි. මූල්‍ය ආයතනයේ ප්‍රධාන කාර්යාලය ඉදිරිපිට අඛණ්ඩ උපවාසයේ... Read More

ක්‍රීඩකයන් බිමින් යවා උඩින් ගිය ක්‍රිකට් ලොක්කෝ (වීඩියෝ)
Friday, 28 February 2020 - 20:06

සංචාරක බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකාව... Read More